UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍ය කථා

රාජ්‍ය මුද්‍රාවේ කැසුබු සලකුණ

සතරවැනි සියවසේ චිං අධිරාජයාගේ රාජ්‍ය පාලන සමයෙහි කුංපු නමැති මැදිවියේ මනුෂ්‍යයෙක් විසුවේය. ඔහු ඉතා පහළ තනතුරක් දැරූ රාජ්‍ය නිලධාරියෙක් වූ අතර ඔහු ලැබුවේද ඉතා අඩු වැටුපකි. මේ හේතුව නිසාම කුං යුට මහත් ජීවන අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවිය.

දිනක් ඔහුට දකින්ට ලැබුණේ ධීවරයෙකුගේ දැලකට අසු වූ කැස්බෑවකු තම ආහාරය පිණිස ඝාතනය කිරීමට සැරසෙන අන්දමය. වහා එතැනට ගොස් කැස්බෑවා මුදල් ගෙවා මිලට ගෙන මහත් දයාවෙන් යුතුව එම ජීවියාගේ ජීවිතය බේරා ඔහු විසින්ම ගඟට දමනු ලැබීය. තමාගේ ජීවිතය ගලවා ගැනීමට තමාට පිහිට වූ මනුෂ්‍යයාගේ ගුණවත්කම අවබෝධ වූ කැසුබුවා දියෙහි පීනා යමින් කුංයුට කෘතවේදී බැල්මක් හෙළා උරහිසට උඩින් ඔහු දෙස බලා ඈතටම පීනා ගියේය. මේ අද්භූ®ත ක්‍රියාව දුටු කුංයු ඉතා සතුටින් කැසිබුවා ඈත නොපෙනී යන තෙක්ම බලා සිිටියේය.

වර්ෂ ගණනක් ගත විය. කුංයු නමැති රාජ්‍ය නිලධාරියාගේ යහපත් ක්‍රියා සහ කාරුණික භාවයත් අවංක භාවයත් ගැන අධිරාජ්‍ය තුමාට දැනගන්ට ලැබී ඔහුට ඒ ප්‍රදේශයේ ඉතා ඉහළ තනතුරක් පැවරුවේය. රාජකීය කලා උපදේශකවරුන්ට මෙම නව බලධාරියා වෙනුවෙන් නිල ම්‍රද්‍රාවක් නිර්මාණය කිරීමේ බලය පැවරුණි. ඔවුහු කුංයු ප්‍රාදේශීය බලධාරියාට නිල මුද්‍රවක් සැලසුම් කළහ. ලෝහ වාත්තු කොට මූර්තිමත් කළ එම නිල මුද්‍රාවේ මුදුනේ කැස්බෑවකු ගේ ප්‍රතිරූපය පිහිටියේය. එම කැස්බෑවා තම උරහිසට උඩින් පිටුපස බලාසිටින සෙයක් මුද්‍රාවේ දිස්විය.

ලෝහ කාර්මිකයෝ සහ එම ලෝහ ගුලිය උණුකොට අච්චුවේ වත්කරන ලද නමුත් සෑම විටම එහි මුදුනේ පිටුපසට මුහුණ හරවාගෙන සිටින කුස්බකුගේ විලාශය මතුවෙයි.

මෙය අධිරාජයාගේ කණට වැදුනේය. අධිරාජයා නව පාලක කුංයු අධිරාජ්‍ය භවනයට කැඳවා මෙම රාජ්‍ය ලාංඡනයේ අද්භූ®ත ලෙස කැස්බකුගේ ස්වරූපය මතුවන හේතුව විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් කුංයු කියා සිටියේ “ මාගේ ස්වාමීනි ! මා මෙයින් වසර ගණනාවකට පෙර පහත් තනතුරක් දරන දුප්පත් රාජ්‍ය සේවකයකුව සිටියදී මස් මරන්නකු විසින් තම ආහාරය පිණිස මැරීමට සැරසුන කැස්බෑවකු මිලදීගෙන ජලයේ මුද්‍රහැරියෙමි. එම කැසුබුවා තම උර හිසට උඩින් මාදෙස බලා සිටියේ මා එම සතාගේ ජීවිතය ගලවා ගැනීම වෙනුවෙන් කෘතගුණ සලකන නියාවෙන් යයි මම සිතමි”

එම රාජ්‍ය ලාංඡනය ඒ අයුරින්ම පරිහරණය කිරීමට කුංයු ප්‍රාදේශීය පාලක නිලධාරියාට අවසරය දුන් චිං මහාධිරාජතෙම ඔහුගේ සද්ක්‍රියාව මහ ඉහළින් අගය කළේය.

තමාගේ රාජ්‍ය ලාංඡනයෙහි නිතර කැස්බ ස්වරූපයට මතු වන්නේ ඒ කැස්බෑතෙම දෙව්ලොව සිට තමාට ආශිර්වාද කරන නිසා වෙන්ට ඇතැයි ද කුංයු ප්‍රකාශ කළේය.

කුං යු ගේ අහිංසාවාදී කාරුණික දැහැමි ප්‍රතිපත්තිය තමාට සෞභාග්‍යය ළඟා කරදුන් බව ප්‍රකාශ කළ චිං අධිරාජයා තම රටේ ජනතාවට කුංයුගේ ක්‍රියා පිළිවෙත ගැන ප්‍රසංසා කරමින් කථා කළේය. රට වැසියෝ කුංයුගේ සාධාරණත්වය නිසාම ඔහු උසස් නිලතල ලැබීමට සුදුස්සකු වූ බවද අවධාරණය කළහ.

චිං අධිරාජයා ස්වකීය අධිරාජ්‍ය ආසනාරූඪව සිට මෙසේ ජාතින් අමතා කුංයුගේ ප්‍රතිපත්තිය විස්තරකර ඇත.

“ යහපත් වැඩ කරන්නේ මෙලොව වශයෙන්ම එහි ප්‍රතිඵල නෙළා ගනිති. ඊට හොඳම නිදර්ශනය කුංයු නමැති වර්තමාන ප්‍රාදේශීය පාලක වරයාය”

( THE LOVE of LIFE නමැති කෘතිය ඇසුරින් සකස් කරන ලදී )

උඳුවප් පුර අටවක

 
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 17 වැනිදා සඳුදා පූර්ව භාග 04.21 ට ලබයි.
18 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 03.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
17 වැනිදා සඳුදාය .
 

මීළඟ පෝය දෙසැම්බර්
23 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]