Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුනාමි ව්‍යසනයෙන් මිය ගිය අය සමරා පැරෑළියේ පින්කම්

දහස් ගණන් ජීවිත බිළිගත් සුනාමි ව්‍යසනයට වසර තුනක් සපිරෙන මෙම 26 වැනිදා තෙල්වත්ත පැරෑළියේ බාමියන් බුද්ධ ප්‍රතිමාව අබියස අසූහාර දහසේ පහන් පූජාවක් පැවැත්වෙන අතර එදින දවල් අටපිරිකර ඇතුළු ශතාධික මහා සඟරුවන විෂයෙහි සපිරිකර දක්‍ෂිණාවක් පිරිනැමේ.

පැරෑළියේ දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ සිදුකැරෙන පින්කම මගින් එහිදී මියගිය සියලු දෙනාට පින්පෙත් පැමිණවීම අපේක්‍ෂා කරන අතර පන්සියයකට අධික ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමක්ද සිදු කැරේ.

ශ්‍රී පැරකුම් ව්‍යාප්තියේ ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකෙරෙන එම පින්කමට සීනිගම දේවාල භාරකාර මණ්ඩලය , ගුණ- ජය- සතුට පදනම සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වය ලබා දී ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.