Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් ලබති

බෙලිඅත්ත, නිහිළුව හ/ සිරි ධම්මානන්ද මූලික පිරිවෙනේ සිවුවන වසරේ ඉගෙනුම ලබන තාරාපේරියේ අමිතසිරි හිමියෝ , 2007 වසරේ පැවැත්වූ සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරඟයේ ප්‍රාථමික අංශයේ පද්‍ය ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන සිටිති. 2007 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරඟයේ ප්‍රාථමික පද්‍ය ගායනා තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගත් උන්වහන්සේ කාව්‍යමය ධර්ම දේශනාවන්ට ද දක්‍ෂතාවයක් දක්වන හිමිනමකි.

පිරිවෙන් කෘත්‍යාධිකාරි තාරාපේරියේ සෝරත මාහිමියන්ගේ අනුශාසනා පරිදි ගුරුවල උපරතන හිමියෝ ධම්මානන්ද මූලික පිරිවෙණේ සාහිත්‍ය තරඟ භාරව කටයුතු කරති. පද්‍ය ගායනා පිළිබඳ අමිතසිරි හිමියන්ගේ පුහුණුවීම් භාරව වෙලන්ගහවෙල ජිනරතන හිමියෝ ක්‍රියා කළහ. තාරාපේරියේ අමිතසිරි හිමියන් තාරාපේරිය ශ්‍රී ධර්මවිජය විහාරාධිපති පරපාමුල්ලේ සිරිවිමල හිමියන්ගේ ශිෂ්‍යයෙකි .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.