Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරවංස නාහිමියන්ට උපහාරයට මුරුංගාගස්යායේ නා හිමියන්ගෙන් ශිෂ්‍යත්වයක්

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, කොළඹ මාලිගාකන්දේ විද්‍යෙදය පරිවෙනාධිපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත අකුරටියේ අමරවංස නාහිමියන්ට උපහාර පිණිස ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් ශිෂ්‍යත්වයක් පිහිටුවා ඇත.

විද්‍යෙදය පිරිවෙනේ නවීන වර්ගයේ ප්‍රථමස්ථානය ලබන ශිෂ්‍ය හිමිනමක් සඳහා 2007 අවසාන විභාගයේ සිට එම ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.

අකුරටියේ ශ්‍රී අමරවංශ නාහිමි උපහාර ශිෂ්‍යත්වය පිහිටුවා ඇති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ විද්‍යෙදය පිරිවෙනේ ස්‍යාමරාජ ත්‍යාගය ද හිමිකර ගත් ආදි ශිෂ්‍ය හිමිනමක් වන අතර, අනතුරුව එහි ආචාර්යවරයකු ලෙස ද සේවය කළහ. එවකට බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ විද්‍යෝදය ආයතනයේ ධර්මාධ්‍යක්ෂ ධුරය ද කලක් ඤාණිස්සර නාහිමියෝ ඉසිලුහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.