Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගංගොඩවිල සෝම හිමි සමරා පින්කම් රැසක්

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ සිව් වැනි වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් ගුණානුස්මරණ පින්කම් රැසක් සිදු කැරේ.

ඒ අනුව මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී මෙම 12 වැනිදා ශතාධික මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ.

ඒ අතර අනුරාධපුර වජිරාරාමයේදී මෙම මස 24 වනදා බෝධි පූජා පින්කමක්ද පසුදා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමේ. සෝම හිමි අනුස්මරණ පුස්තකාලය එදින අනුරාධපුර වජිරාරාමයේදී විවෘත කැරේ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද එම පින්කම් මාලාව මගින් අනුස්මරණය කැරේ.

අම්පිටියේ ශ්‍රී රාහුල ලොකු හාමුදුරුවන් වහන්සේට දිගාසිරි පැතීමද එම පින්කම් මාලාවේදී සිදු කැරේ. දෙසැම්බර් 1 වනදා ඇරැඹුණු මතුගම ප්‍රදේශයේදී ඇරැඹුණූ චාරිකා ධර්ම දේශනාව මෙම 22 වැනිදා දක්වා පැවැත්වේ. මෙම 26 වැනිදා මතුගම නගරයේදී ජනවිජය මහ සමුළුව පැවැත්වේ.

දහම් දෙසුමෙන් බොදුනුවන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ විසූ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ මෑත යුගයේ මෙරට බෞද්ධාගමික ප්‍රබෝධයේ මූලිකව ක්‍රියාකළ ආදර්ශවත් ධර්ම කථිකයන් වහන්සේ නමක් වූහ


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.