UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ලංකාවේ ප්‍රථම පොලිස් කාන්තා අධිකාරිවරිය වන ප්‍රෙමිලා දිවාකර සහ ඇගේ සොහොයුරිය වන නන්දා දිවාකර යන මහත්මීන් විසින් සිය මියගිය දෙමාපියන් වූ මදුරාවල පේද්‍රික් දිවාකර සහ නන්දා සේනාධීර යන අයට පින් පැමිණවීම වස් මදුරාවල ප්‍රාදේශීය සභා කාර්යාලයට බුදුමැදුරක් තනා ප්‍රදානය කිරීමේ පින්කමේ ප්‍රථම මල් පූජාව නොබෝදා ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්ප්‍රජිත් ශීල වික්‍රම මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ප්‍රමිලා දිවාකර හා නන්දා දිවාකර යන මහත්මීහු පැමිණ සිටි පිරිස සමග ප්‍රථම මල් පූජාවට සම්බන්ධ වූ අයුරු පින්තූරයේ දැක්වේ.
පින්තූරය - බුලත්සිංහල විශේෂ - මිල්ටන් ධර්මසිංහ

රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක හොරණ රාජ මහා විහාරාධිපති ලන්ඩන් තේම්ස් බෞද්ධ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ හොරණ පඤ්ඤාසේකර නාහිමියන්ගේ 91 වන ජන්ම සමරුව නිමිත්තෙන් ආශිර්වාද පින්කමක් හොරණ රජ මහා විහාරස්ථානයේ පැවැත්විණි. අදාළ සම්බන්ධිකරණ කටයුතු ඉටු කළ දැනට එංගලන්තයේ පදිංචි දානපති නන්දා රණසිංහ මහත්මිය මහා සංඝ රත්නය වෙත දන් පිළිගැන්වූ අයුරු.
හොරණ සමූහ – බන්ධුල ආර්. ගුලවත්ත

2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් නිකුත් කරන ලද  ‘The Maha Bodhi’ විශේෂ කලාපය ඉන්දීය මහාබෝධි සමාගමේ මහාලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් විසින් කත්මන්ඩු නුවරදී නේපාලයේ, සංස්කෘතික සිවිල්ගුවන් සේවා සංචාරක කටයුතු පිළිබඳ ඇමැති පෘදවි ගුරුං සු බවා මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව. නේපාලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් නාකන්දල මහතාද සේයාරුවේ වෙයි.

ජනාධිපති පදවිප්‍රාප්ති දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ඉදිරි වර්ෂය කිරි ඉතුරුම් වර්ෂයක් ලෙස දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම සඳහා දළදා සමිඳුන් වෙත කිරිපිඬු පූජාව, අසූහාර දහසේ ගිතෙල් පහන් පූජාවක් පසුගිය (18) දා මහනුවර දී පැවැත්විණි. එහිදී මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පශු සම්පත් සංවර්ධන අමාත්‍ය සී.බී. රත්නායක, මිල්කෝ සමාගමේ සභාපති ඩබ්ලිව්.එල්. හෙල්ලරාව මහත්වරුන් විසින් දර්ශනීය පෙරහරකින් දළදා මාලිගාව වෙත ගිතෙල් මංජුසාව රැගෙන එන අයුරු. ඡායාරූපය – උදේනි රාජපක්‍ෂ

වලස්මුල්ල ශ්‍රී අශෝකාරාම දහම් පාසලේ දරු දැරියන් හා ගුරු මණ්ඩලය වෙත පොත් පත් හා නිල ඇඳුම් එම විහාරස්ථානයේ දී පසුගිය දා පරිත්‍යාග කැරිණි. එහිදී ජලසම්පාදන ඇමැති මහින්ද අමරවීර මහතා විසින් දහම් පාසලේ ගුරුවරියක් වෙත නිල ඇඳුම් පාර්සලයක් පිරි නැමූ අවස්ථාව. හම්බන්තොට දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී එච්. ඩබ්ලිව්. ගුණසේන වීරකැටිය ප්‍රාදේශීය සභාවේ උපසභාපති ඩබ්ලිව් ඩී. සුමිත් යන මහත්වරුන් ඇතුළු දහම් පාසලේ දරු දැරියන් හා ප්‍රදේශවාසී දෙමාපියන් රැසක්ද එම අවස්ථාවට සහභාගී වූහ.
එස්. අමරසේකර වලස්මුල්ල සමූහ

 

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]