UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 02 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 07 ක් වයසැති කේ. කේ. තමෝද් යසස් අමරසිංහ දරුවා ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර, දැනට මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

දරුවා සුවකර ගැනීම සඳහා ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමක(Bone Marrow Trancw Plantation) කළ යුතු බවත්, ඒ සඳහා වෙල්ලෝරයේ C M C  පෞද්ගලික රෝහලට ගෙන යා යුතු බවත්, වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා ලංකාවේ මුදලින් විශාල මුදලක් වැය වන බව කියයි.

පරිත්‍යාගශීලීන්ගේ ආධාර කොමර්ෂල් බැංකුවේ ගාල්ල කරාපිටිය ශාඛාවේ අරඹා ඇති අංක 8135001021 දරණ ගිණුමට බැර කරන මෙන් ඉල්ලීමක් කැරේ.

වැඩිදුර තොරතුරු සඳහා - දුරකතන අංක, කේ. කේ. ලක්ෂමන් රාජකරුණා :- 091 - 2233799 - 077 - 3232716

විදුහල්පති - රිච්මන්ඩ් විද්‍යාලය :- 091 - 2234888 වෙතින් ලබාගත හැකිය.

_________________________________________________________________________________

ජා ඇල, කලඑළියේ අංක 50 නිවසේ පදිංචි කේ.බී. ලතා ප්‍රනාන්දු මහත්මිය තිදරු මවක් වන අතර ඇයගේ වකුගඩු අක්‍රීය වී ඇති බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඒ.බී. නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඇය වෙත වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් 011 – 2233097 දුරකථන අංකයෙන් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.

_________________________________________________________________________________

මාලබේ අසිතපුර පැරකුම්බා මාවතේ අංක 852/27 ලිපිනයේ පදිංචි එම්.ආර්. කරුණාරත්න මහතාට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍යවරු නිර්දේශ කර ඇත. එබැවින් ඕනෑම වර්ගයක වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන් ඇතොත් ඉහත සඳහන් ලිපිනයට හෝ දුරකථන අංක 011 – 2561690 හෝ 0724 – 766700 ට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

_________________________________________________________________________________

දෙහිපේ උක්දඬුවත්ත නන්දන නිවසේ පදිංචි නලීන් පුෂ්පකුමාර රත්නායක සිසුවා දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැකිඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.

ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු වේ නම් 052 – 2287166, 081 2369724, 077 – 5484157 යන අංකවලට දැනුම් දෙන ලෙස මව්පියෝ ඉල්ලීමක් කරති.

_________________________________________________________________________________

වෑබඩ, වෑබඩ උතුර, අංක 443 පදිංචි 33 වියැති කේ.එල්.ඒ. ඉන්දික උදය කුමාර මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ.

දෙදරු පියකු වන ඉන්දික උදය කුමාරගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙත් නම් 011 – 2973174 හෝ 011- 2971444 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස රෝගියාගේ පියා වන කේ.එල්. ඒ. ධර්මසිරි මහතා ඉල්ලීමක් කරයි. කඩවත ලංකා බැංකු ශාඛාවේ 7230715 ගිණුම මඟින් ඔහුට ආධාර කළ හැකි ය.

_________________________________________________________________________________

යෝගියාන සිංහක්කුලිය නො. 44 පදිංචි ජී.ජයරාමන් මහතා වකුගඩු ආබාධයකින් පෙළෙන බව වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ මහතා සුවපත් කිරීමට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු හෙයින් පරිත්‍යාගශීලියකු වෙතොත් 071 6014579, 0775714216 යන දුරකථන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.

_________________________________________________________________________________

බණ්ඩාරගම බමුණුමුල්ලේ අංක 25 ඒ පදිංචි කේ.චන්ද්‍රලතා මහත්මිය දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙන අතර දැනට ඇය කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබන බවද කියයි.

එම රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිර්දේශය අනුව ඇයට වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය උපදෙස් ලැබී ඇත.

මැයගේ රුධිර වර්ගය ‘ඒ’ පොසිටිව් වර්ගයේ වේ. එම වර්ගයේ රුධිරය ඇති හිමි නමකගේ හෝ මෙහෙණි නමකගේ වකුගඩුවක් බද්ධ කර ගැනීම සඳහා ඇය පිහිට පතයි. දුරකථන අංක 038 – 2292845 විස්තර දැන ගත හැකි බවද කියයි.

_________________________________________________________________________________

පොළොන්නරුව, සර්කියුලර් පාරේ, දෙවැනි හරස් වීදියේ, නො.715/1 හි පදිංචි 45 වියැති, ඒ.කේ. රූපා ස්වර්ණසීලී මෙනෙවිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ.

ඇය සුවපත් කර ගැනීම සඳහා “ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත් නම් ඉහත ලිපිනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]