Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තල්පිටිය දළදාවත්ත මහා විහාරයේ පින්කම් මාලාවක්

වාද්දුව තල්පිටියේ පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ අභිනව අටවිසි බුද්ධ ප්‍රතිමා කුටි ඇතුළත් බෝධි ප්‍රාකාරය හා රන්වැට දෙසැම්බර් 01 වන දා පෙරවරුවේ විවෘත කැරේ. එදින පෙරවරු 9.30 පුණ්‍යානුමෝදනා උත්සව සභාව පවත්වන අතර පෙරවරු 11 ට ප්‍රථම බුද්ධ පූජාවද පස්වරු 7.00 ගිලන්පස බුද්ධ පූජාව හා බෝධි පූජාව ද පැවැත්වේ.

ඒ නිමිත්තෙන් සතියක් පුරා තල්පිටිය ගම් ප්‍රදේශයේ කොට්ඨාස හතකින් බෝධි පූජාපෙරහර හතක් ද පැවැත්වේ. ඒ අනුව දෙසැම්බර් 02 දින තල්පිටිය ඇළ උතුර කොට්ඨාසයෙන් සංවිධානය කරනු ලබන බෝධි පූජා පෙරහර සහිත බෝධි පූජාව මෙහෙයවීම නමාඩුවේ ඉන්දරතන හිමියන් විසිනි. 03 දළදාවත්ත කොට්ඨාසයෙන් සංවිධානය කරනු ලබන අතර මෙහෙයවීම මීගස්වැවේ සෝමරතන හිමියන් විසිනි. 04 දින මැද තල්පිටිය කොට්ඨාසයෙන් සංවිධානය කරනු ලබන අතර මෙහෙයවීම අයගම සුසිල හිමියන් විසිනි. 05 දින ඇළ දකුණ කොට්ඨාසයෙන් සංවිධානය කරනු ලබන අතර මෙහෙයවනු ලබන්නේ ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමියන් විසිනි.

06 දින මැද බටහිර කොට්ඨාසය මඟින් සංවිධානය කරනු ලබන අතර මෙහෙයවීම නාරන්ඕවිට සුමනතිලක හිමියන් විසිනි. 07 දින දළදාවත්ත බටහිර කොට්ඨාසය මෙහෙයවීම කරනු ලබන්නේ හේරත්හල්මිල්ලෑවේ උපාලි හිමියන් වන අතර, අවසාන පෙරහර සහිත බෝධි පූජා පින්කම සංවිධානය කරනු ලබන්නේ උඩුගල්ල කොට්ඨාසය මඟින් වන අතර විදුරුපොල ආනන්ද හිමියන් විසින් මෙහෙයවනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.