Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අම්පිටියේ චන්දජෝති හිමියෝ මල්වතු පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවට

සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ කාරක සංඝ සහිකයෙකු ලෙස මල්වතු විහාරවාසී අම්පිටියේ චන්දජෝති හිමියන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා හිමිපාණන් වහන්සේ විසින් පත්කරනු ලැබ ඇත.

අම්පිටියේ චන්දජෝති හිමියෝ පිළිමතලාවේ රණවන පුරාණ විහාරයේ විහාරාධිකාරි ලෙස කටයුතු කරති. ගැරප්පිටියේ පුරාණ විහාරාධිපති මල්වතු විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත උපාධ්‍යාය ධුරන්දර ශ්‍රී සරණංකර දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ගේ පැවිදි උපසපන් ශිෂ්‍ය නමකි.

මහනුවර සංඝරාජ පිරිවෙනින් අධ්‍යාපනය ලබාගෙන පිළිමතලාවේ රණවන පුරාණ විහාරයේ නව දියුණුව සඳහා විශාල කැපවීමකින් කටයුතු කළ හිමිනමකි. දළදා මාලිගාවේ වසර කීපයක් තේවාව ධූරයේ කටයුතු කළ චන්දජෝති හිමියෝ ගිහි පැවැදි කාගේත් ජනාදරයට පත්ව සිටිති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.