Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ බුද්ධ වර්ෂ 100 දී?

මෙම ලිපියේ මුල් කොටස 2007-11-24 දින බුදුසරණ පත්‍රයේ පළ විය.

පුණ්ණ හිමියන්ගේ පුත්‍රයෙකුගේ පුත්‍රයෙකු විසින් කරවන ලද ගල් ලෙන් විහාරයකි. නූතන රිදීවිහාරය එහි ඇති ලිපිය මෙසේ ය.

“පරුමක, පුණ, පුත, පරුමක, තිශහ, ලෙණෙ, ශගශ” ( IC.NO 893. B)

ලෙන් ලිපිය කරවා ඇත්තේ තිස්ස නමැති අයෙකි. ඔහු තම පුණ්ණගේ පුත්‍රයා බව ලිපියෙන් කියා ඇත. මෙය හඳුනාගත හැක්කේ පුණ්ණ හිමියන්ගේ මව්තුමියට අයත් වූ කාරම්බෝජ වණිග් පුග නැමැති වෙළෙඳ සමාගමට අයත් වූ නැව් සමාගමට අයත් වූ ලාංඡනය තිබීමෙන් ය. ගෞතම බුදුරදුන් මෙරටට වැඩම කරවූ නැව් සමාගම මඩුකශලියපුගියන ලෙස සඳහන් වී ඇත. එම සමාගම විසින් කරවූ ලෙන් විහාරයයි. නූතන ගෝනාගල ගල්ලෙන් විහාරය, අද එය වනගතය, එහි ඇති ලිපිය.

“මඩුකශලිය පුගියන ලෙණෙ ශගශ පරුමක අබයපුත පරුමක හදනහ කරපිතෙ”

නැව් සමාගම් පිළිබඳව හෝ ගුවන්යානා පිළිබඳව ත්‍රිපිටකයෙහි දැකීමට නොලැබෙයි. නමුත් ජාතක පාලියේදී නැව් සමාගම් සහ ගුවන් රථ සමාගම් පිළිබඳ තොරතුරු හත් අට පොලකම සඳහන්ය. මාතුපෝතක ජාතකය තුළදී නැව් දැක්ක හැක. අකිත්තිජාතකය අනුව බුදුරදුන් පෙරුම් පුරනා කාලයේ ලක්දිව ගුරුළු රජුය. ඔහු නිතර නිතර ඉන්දියාවට ගියේ ගුවන් රථයෙන්ය. (උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය 28 පිට) මේ අදට වසර කෝටිගණනකට ඉහත දී යැයි කිව හැක්කේ මෙම සිදුවීම බුදුරදුන් පෙරුම් පුරන කාලය වීම නිසාය. එසේනම් එදවස ද ලංකාව ඉතා දියුණු රටකි. රාවණා රජතුමා කාශ්‍යප බුදුරදුන්ව සමනලකන්ද මුදුනට රැගෙන ආවේද ගුවන් රථයකින්ය. නමුත් මෙම පුවත සූත්‍ර පිටකයේ නැත. ලංකාවතාර සූත්‍රය යන සූත්‍රයේ දී ම පමණක් මෙය දැක්ක හැක. නමුත් ලංකාවතාර සූත්‍රය ලංකාවේ අයට අකැපය.

“ මහාවිහාරවාසීතං සමයං අනුලෝමයං - තස්ස නිස්සාය පොරාණං කථා මග්ගං

අනාකූලං තත්තිනයානුගං - සුද්ධං කාරිසාමත්ථවණ්ණං “ (විසුද්ධමග්ග ටීකා)

මහාවිහාරයේ වැඩසිටියා වූ බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට හැරවූ පුරාණ සිංහල අටුවා මොනවාද. ඒවා ලියූ පුරාණ පඬිවරු කවුද යන්න සටහන් නොවීම පිළිබඳව ගැටලු පැණනැගේ. මෙහිම වැඩ විසූ මහානාම හිමියන් ද නූතන පාලි මහාවංශය ගිණිතබා විනාශ කරමින්ය. මෙහි සඳහන් වන පුරාණ ඇඳුරෝ කවුද? මේ හෙළද්වීපයේ විසූ හෙළ ඇඳුරන්ය. මොවුන් කිසිවකුගේ නාම කිසිදු අටුවාවක හෝ ටීකාවක දැකීමට නොමැත.

ලක්දිව පුරාණ ඇඳුරන් ලියූ සිංහලට්ඨ කථා මහාවංශය නැවත ක්‍රි.ව. 427 දී විකෘති කර ලියනවිට එයට එරෙහිව හඬක් නැගුවේ පාසාණ දීපවාසී උපතිස්ස හිමියන්ය.

මෙම හිමියන් ගැනද සඳහන් වන තොරතුරු දැක්ක හැක්කේ මහාවංශයට ලියූ ටීකාව වන වංසත්‍ථප්පකාසිනී යේදීම පමණි’ “ .......පාසාණදීපවාසී උපතිස්ස ස්ථවිරපාදයෝ වනාහි,” යම් සේ ආහච්චභාතිත බුද්ධ වචනයෙහි ද පුහුණු කරවිය යුත්තන් සඳහා සංක්ෂේප වූද සවිස්තර වූද දේශනාවෝ වෙත් ද, අට්ඨකථායෙහි ද එසේ මැ යි, එහෙයින් මේ සිහලට්ඨකථා මහාවංශයෙහි ඇතැයි කියන ලද අතිසංක්ෂිප්ත වචනයද, පුනරුක්ත වචනය ද, සදොස්ය යි කීම යුතු නොවේ .......” යැයි ප්‍රකාශ කර ඇත. මේ සිහලට්ඨකථා මහාවංශයේ තිබුණේ මොනවාද යන්න අද සිටින කිසිවකුට කිව නොහැක.

ත්‍රිපිටකය ලංකාවේ ග්‍රන්ථාරූඪ කළේ බු.ව. 100 දීය යන්න මා ප්‍රකාශ කරන්නේ සෙල්ලිපි වලින් හමුවන තොරතුරු නිසාය. ඒ අනුව ගාමිණී අබය හෙවත් දුටුගැමුණු මහ රජතුමා ලක්දිව රජය විචාරන්නේ බු.ව. 15 න් පසුව බු.ව. 10 ත් අතර කාලය තුළ වීම නිසාය. බුදුන් දවස රුහුණෙහි තිබුණු සඳුන්ගම වර්තමානයේ බෝවත්තේගල ලෙස හැඳින්වේ. එහි ඇති සෙල්ලිපියක ශශ්‍රªමණගේ ප්‍රත්‍රයෝ දස දෙනෙකු ගැන කියැවේ. මෙම ශ්‍රමණගේ මීමිණිපිරියයි. විහාරමහාදේවිය ශුමණ යනු නූතන සුමන සමන් දෙවියන්ය . මොහු පණීත මහරජතුමාගේ පුත්‍රයකු සේම භාණ්ඩාගාරික ද වේ. ( I.C. NO.1035)ශුමණගේ පුත්‍රයෝ දස දෙනාගෙන් එක් අයකු “චෙම” යි මෙම චෙමට අයත් ලෙණ කාවණ්තිස්ස රජතුමා සහ එම දේවිය යන දෙපොළ විසින් ගෞතම බුදුරදුන් සමග මෙරටට වැඩම කළා වූ මහා සංඝයාට පූජාකර ඇත.

“ පිත - මහරඣහ- බඩකරික - පරුමක - ශුමන පුත - පරුමක -චෙමශ - ලෙණෙ - රක්‍ධ තිශහ රඣිහශිනියතෙ - අගත - අනගත- බගවත - සගස” යන ලිපියෙන් මෙම සිදුවීම පැහැදිලි කරගත හැක. මෙම සෙල්ලිපියට ඉංගී‍්‍රසින් විසින් වැරැදි අර්ථකථනයක් දීම නිසා එම ලිපිය විකෘති වී ඇති බව පෙනෙයි. මෙම ලිපියේ අග කොටස හි සඳහන් “ බගවතසගස” යන අකුරු හත (7) ඉංගී‍්‍රසින් විසින් කියවා ඇත්තේ චතුදිශ ශගශ ලෙසටය. මෙම ලිපිය පිළිබඳව කිසිදු වග විභාගයක් නොකළා වූ නන්දසේන මුදියන්සේ මහාචාර්යතුමා තමාගේ පොතට එම ලිපිය මෙසේ ඉදිරිපත් කර ඇත. “ පිතමහරක්‍ධහ බඩකරික පරුමක - ශුමන - පුත පරුමක - චෙමශ ලෙණෙ රඣ තිශහ රඣි යශි නියතෙ අගත - අනගත - චතුදීග - ශගශ (117) පිට මෙය චතුදිශ - ශගශ නොව, බගවත සගස යනුයි. මෙය නිවැරැදි කිරීම උගතුන්ගේ යුතුකමක් සේම වගකීමක් ද වේ. සෙල්ලිපිවල අකුරු වැරැද්දීම බරපතළ වරදක් ලෙස අපට කීවේ ජ/පුර විශ්ව විද්‍යාලයේ උපකුලපති එස්.බී. හෙට්ටිආරච්චි මහතාය. අප මේවා නිවැරැදි කිරීමට යම් උත්සාහයක යෙදෙන විට අපට එල්ලවන චෝදනා බොහෝය. වරදක් වී ඇත්නම් එය පෙන්වා නිවැරදි කිරීම ජාතික යුතුකමක් සේ නොසලකන ඇතැම් උදවිය අපට මඩ ගැසීමට ද සැරසෙන බව දැන ගැනීමට ලැබී ඇත.

ලංකාවේ උගතුන් විසින් මූලාශ්‍රයන් ලෙස ගන්නා වූ පාලිමහාවංශය අනුව සංඝමිත්තා තෙරණිය පිරිනිවන් පාන්නේ උත්තිය රජතුමා රජ වී වසර නව (9) දීය. (20 පරි:49, 50 ගාථා) ඒ වන විට සංඝමිත්තා මහා තෙරණින්ට වයස 61 කි. දේවානම්පියතිස්ස රජ වී මාස 4-5 ක් ගිය විට ජයශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව රැගෙන සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කළාය. දේවානම්පියතිස්ස රජු වසර 40 ක් රජය කරවීය. සංඝමිත්තා තෙරණිය 61 දී පිරිණිවන් පාන්නීය. 61න් - 40 ක් අඩු කළ විට 21 කි. උත්තිය රජුගේ අවුරුදු 9 ය අඩුකළ විට 21 - 9 වයස 12 කි. ඒ අනුව (මහාවංශය අනුව) වයස 12 දී සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කරවා ඇත. ඒ පැමිණීමට පෙර මිහිදු හිමියන් සමඟ පැමිණි සුමන සාමණේර භික්ෂුව - සංඝමිත්තා තෙරණියගේ පුත්‍රයා බව මහාවංශයේ 5 වන පරිච්ඡේදයේ 169, 170 ගාථාවල ද 13 පිරි: 4 වන ගාථාවේ ද සඳහන් ය.

සාමණේර සුමන හිමියන් උපසම්පදා කළේ මිහින්තලයේදීය. ඒ වන විට සුමන හිමියන්ට වයස කීයද? වයස 20 ක්ද, සුමන හිමියන්ට වයස 20 ක් නම්, සංඝමිත්තා තෙරණියට වයස 12 කි. උපසම්පදා 20 ක් සමඟ එකළ කළ විට 32 කි. 32 - 20 අඩු වූ විට 12 කි. සංඝමිත්තා තෙරණිය ගිහි කල සැමියා අග්ගි බ්‍රහ්ම යි.

“ භාගිනෙය්යො නරින්දස්ස - අග්ගිබ්‍රහ්මාති විස්සුතො
අහොසි රඤ්ඤ , ධීතාය, සංඝමිත්තාය සාමිතො” (5 පරි,169 ගාථාව)

මෙම දෙදෙනාගේ පුත්‍රයා සුමන සාමනේරයන්ය. අවුරුදු 12 දී දරුවකු වැදීමට නම් වයස 11 දීවත් විවාහ විය යුතුය. ඒ අනුව සංඝමිත්තා තෙරණිය මහතෙරණියක් ද යන්න විමසා බලා තීරණය කිරීම පාඨකයා සතුවන අතර අප මේ මතක්කර දුන්නේ අටුවා සහ ටීකාවල ඇති තොරතුරුය. පාලිබෝධිවංශයට ලියන ලද ටීකාව අනුව, මිහිඳු හිමි, සංඝමිත්තා තෙරණිය, දේවානම්පියතිස්ස යන තිදෙනාගේ උපදෙස් අනුව සුනන්දා නම් සාමණේරීන් සිවුරු ගලවා මිහිඳු හිමියන්ගේ මාමා වූ බෝධිගුත්ත කුමරු ට විවාහ කරදී ඇති අතර, එම දෙදෙනාට ලැබුණු දරුවන්ට බෝධිය ආරක්‍ෂා කිරීම සඳහා සුලුලිය මහ ලේනා තනතුරු දී විල්බා ජනපදය, ප්‍රවේණි කර දී ඇති බවත්, එම ග්‍රාමය කුවේණියගේ පුත්‍රයා වූ විල්බා කුමරු ජීවත් වූ ග්‍රාමය බවත් සඳහන් ය. මෙය නූතන සිංහල බෝධිවංශයේ ද 128, 130 යන පිටුවලදී ගාථා අංක 390 , 395 දැක්ක හැක.

“ චීනයෙ පාඨවත්‍ථාය සාසනස්ස ච වුද්ධියා - වණ්ණනා ච සමාරද්ධා විනයට්ඨකථාය සා”
“ සාරත්‍ථදීපනී නාම සබ්බසො පරිනිට්ඨිතා - තිංස යහස්ස මත්තෙ ගෙන්‍ථහි පරිමාණ තො’ති”

විනය දැනුමෙහි පටුත්වය සඳහා ද ශාසනාභිවෘද්ධිය පිණිස ද විනය අටුවාව වූ සමන්තපාසාදිකාව හා අනුබද්ධ සංවර්ණනාව හෙවත් ටීකාව ආරම්භ කළහ.

සාරත්ථදීපනී නම් වූ අර්ථ වණ්නාව - ටීකාව සර්ව ප්‍රකාරයෙන් පිරිපුන් ;ලස ලියා නිම කළහ. එහි ප්‍රමාණය ග්‍රන්ථ තිස් දහසකි. (30 000) මෙම ග්‍රන්ථ 30000 ස කුමක්ද? එම ග්‍රන්ථ අද අපට දැකීමට නැත්තේ ඇයි ද යන ප්‍රශ්නය පැණ නගී. කාලිංග මාඝ, මූසල්මානයින්, පෘගුගීසින්, ලන්දේසීන් විසින් විනාශ කර ඇති ග්‍රන්ථ ප්‍රමාණය කොතෙක්ද , පසුව ඉංගී‍්‍රසින් විසින් එංගලන්තයට රැගෙන යන ලද ග්‍රන්ථ දස දහස් ගණනක් ද විනාශ වී දැනට 3000 ක් පමණ ඉතිරිව ඇති බව අප දනිමු. මේ අතර උත්රවිහාර අට්ඨකථාව ඇමරිකාවේ ඇති බවට මතයක්ද පවතී. සිහළවත්තුප්පකරණය බුරුමයේ කුණු ගොඩක තිබී අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධ දත්ත නාහිමි සිංහල අකුරින් මුද්‍රණය කළ බව ද අපි දනිමු. බුරුමයේ දී ලියන ලද ග්‍රන්ථයක සඳහන් වන්නේ ගෞතම බුදුරදුන් හත්වන වසේදී ද ලංකාවේ මංකුල පර්වතයට (නූතන මාවතගම අසල මකුලාන ) වැඩම කළ බවයි. යක්‍ෂ ගෝත්‍රිකයින්ගේ වරිගපූර්විකාවේ සඳහන අනුව ගෞතම බුදුරදුන් ගිරිභද්‍ර සෙනෙවියාට විෂකුම්භ සූත්‍රය දෙසූ බවයි.

මෙම තොරතුරු ත්‍රිපිටකයේ හෝ කිසිදු අට්ඨ කථාවක සඳහන් නොවේ. මෙම ග්‍රන්ථ කිසිවක් නොකියවූ සමහර උදවිය අපට අට්ඨකථා කියවා දැනුම ලබා ගැනීමට ද බුදුසරණ පුවත්පතින් අවවාද කර තිබිණි. එයට පිළිතුරු මෙම ලිපියේ ඇතැයි මම සිතමි.

මිහිඳු හිමියන් මෙරටට පැමිණීමට වසර 190 කට ඉහත ගාමිණී අබය හෙවත් දුටුගැමුණු මහ රජතුමා මෙරට මහරජතුමාය. දුටුගැමුණු මහරජතුමා රුහුණට අයත් දමා රාජපරපුරේ ශුමණගේ මී මුණුපුරෙකි. අප ඉදිරිපත් කළ මෙම කරුණු පිළිබඳ සත්‍ය , අසත්‍යතාවය පිළිබඳ ශාස්ත්‍රීය සංවාදයකට බුදුසරණ පාඨකයාට අපි ගෞරවයෙන් ආරාධනා කරමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.