Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරිවෙහෙර ඉල් පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ ඉල් පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි පැවැත්වේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීමෙන් පසුව මල් පහන් කිරි ආහාර පූජාව ශබ්ද පූජා මාධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා ෂඩ්වර්ණයෙන් යුත් සළුපළඳනාව කප් රුක් පූජාව පැවැත්වේ. චෛත්‍ය මළුවේ භාවනා වැඩසටහනින් පසු උදේ ධර්මදේශනාව දුටුගැමුණු ධර්ම ශාලාවේ දී කළුතර දොඩන්ගොඩ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති මහගම ධම්මරතන නාහිමියන් විසින් පවත්වනු ලැබේ.

කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ මල්පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් බෝධීන් වහන්සේ සුවඳ පැණින් නහවා මල් පහන් පූජා කර බෝධි පූජාව පැවැත්වේ.

සවස කිරිවෙහෙර තුන් වන මළුවේ පහන් දස දහසක ආලෝක පූජාව ද සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව විහාරස්ථ ධර්මශාලාවේ දී පසුදා පහන්වනතුරු පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.