Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉල් පෝදා පින්කම්

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

කැලණි රජමහා විහාරයේ කඨින මහා පින්කම විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ ශීල භාවනා සමිතියේ සභාපති එම්. ඒ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 36 වැනි වරටත් ඉල් පෝ දින පැවැත් වේ.

මෙවර කඨින චීවරය අලුයම 4.30 පෙරහරකින් වඩමවනු ලබන්නේ කැලණි සමරසිංහ පටුමග හි ගුණවතී පනාපිටිය මහත්මියගේ නිවසේ සිටයි. පෙරවරු 6.30 කඨින චීවරය සඟසතුකර පූජා කෙරේ. හීල් දානය ඒ. පෙරේරා සිල් මාතාව අතින් සිදුවන අතර, දහවල 25 නමකට අධික මහ සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවකි. රාත්‍රි 8.00 කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත් වේ.

කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් ඉල් පෝදා දවස පුරා පින්කම් රැසක් පැවැත්වේ.

එදින පෙරවරු 6.30 - 7.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව පොතුපිටියේ චන්දානන්ද හිමි, 8 - 9.45 භාවනා වැඩ සටහන මෙහෙයවීම දම්බුළුවන සුමංගල හිමි, 10 - 11.30 දහම් දෙසුම අරුක්ගොඩ මහින්ද හිමි, 11.35 අභයදාන පින්කම පිළිබඳ අනුශාසනාව වස්කඩුවේ මහින්දවංශ හිමි පස්වරු 1 - 3 දහම්දෙසුම හික්කඩුවේ තිලක හිමි. 3.45 - 4.15 දහම් දෙසුම පුවක්පිටියේ මෙත්තානන්ද නාහිමි, 4.30 - 5.30 දහම් දෙසුම මැස්ටියේ උපනන්ද හිමි. 5.45 - 7 දේශනය මෛත්‍රී බණ්ඩාර මහතා . 7.30 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.

කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ දී පින්කම්

එදින පෙරවරු 6.30 - 7.30 - සිල් සමාදන් කිරීම , බුද්ධ වන්දනාව , කළුතර සරද හිමි, 8.15 - 9.15 භාවනාව මෙහෙයවීම , ගඟුල්විටියේ ගුණරතන හිමි, 9.30 - 10.30 - ධර්ම දේශනය ජූලම්පිටියේ ශාසනධම්ම හිමි, 10.30 - 11.30 ධර්ම දේශනය නොච්චියාගම ඉන්දරතන හිමි, 11.30 - බුද්ධ වන්දනාව, 1 - 2 දායක සභාව රැස්වීම , 2 - 3 ධර්ම දේශනය - දාම්පේ විපස්සී හිමි, 3.15 - 4.15 ධර්ම දේශනය දාම්පේ මධුරසිරි හිමි, 4.15 - 5.15 දේශනය ආචාර්ය ඒ.ඒ. ජයන්ත ජයසිරි මහතා , 5 - 6 බෝධිපූජාව හා සිල් පවාරණය

සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය

සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ දී ඉල් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය සහ අනුශාසනාව විනයසාර හිමි 8 – 9 දහම් දෙසුම අම්බලන්ගොඩ නන්දික හිමි, 9 – 10 භාවනා වැඩසටහන මෙහෙයවීම පුවක්දෙණියේ ශාසනවංශ හිමි, 10.15 – 11.15 දහම් දෙසුම කිරින්දේ චන්දානන්ද හිමි, 11.15 බුද්ධ පූජාව පස්වරු 12.30 – 1 පිරිත් සජ්ඣායනාව 1 – 1.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම භද්‍රා ගුණතිලක මහත්මිය, 2 – 3 දහම් දෙසුම හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමි, 3.30 – 4.30 දහම් දෙසුම මාවරළේ භද්දිය හිමි, 4.30 බෝධි පූජාව.

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමයේ දී විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ මහින්ද නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ඉල් පෝය දින සීල භාවනා වැඩ සටහන් රැසක් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 - 6.30 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව විහාරාධිකාරී රජවත්තේ වප්ප හිමි, 7.00 - 7.30 සම්බුද්ධ පූජාව වන්දනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 8 – 9 රජවත්තේ වප්ප හිමිපාණන් මෙහෙයවන භාවනා වැඩ සටහන, 9.10 - 10 ධර්ම දේශනය ඇත්කඳුරේ සුමනසාර හිමි, 10.15 - 11 දවල් සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි.

පස්වරු 12.30 - 1.00 සෙත් පිරිත් සජ්ජායනාව, එස්. විමලදාස උපාසක මහතා, 1 - 2 උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම, 2.10 - 3 භාවනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 3 - 4 ධර්ම දේශනය, බෙලිදෙණියේ සිරිධම්ම නාහිමි, 4.15 - 5.15 ධර්ම දේශනය, ඇකිරියේ සමිත හිමි, 5.30 - 6.30 ධර්ම දේශනය, විමලමුර්ති හිමි, 7 - 7.45 බුද්ධ පූජා වන්දනාව, 8 - 9 ගැට්ටුවානේ සුමේධ හිමියන්ගේ දහම් දෙසුම.

බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ගෝතමී විහාරයේ දී ඉල් පෝදා පින්කම් රැසක් සිදු කැරේ.

එදින පෙරවරු 6 සීල සමාදානය මෙහෙයවීම තෙල්වත්තේ අචලනාග හිමි, 8.15 භාවනා වැඩ සටහන මෙහෙයවීම මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි, 9.15 “බුදුසරණ” පුවත්පත ධර්ම දානයට පිරිනැමීම, නිලංක දියබලනගේ සහ හසිත දියබලනගේ මහත්වරුන්ගේ දායකත්වයෙනි. 10 දහම් දෙසුම බැරගම විමලතිස්ස හිමි, 11 බුද්ධ පූජාව.

පස්වරු 1.30 කාව්‍ය ධර්ම දේශනාව රත්මලානේ සීලරතන හිමි, 3 දහම් දෙසුම වෙරළුගොල්ලේ උදයනන්ද හිමි, 4.30 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම කණ්ඩලමේ අමිතවංශ හිමි, 5.30 අටවිසි බුද්ධ පූජාව මෙහෙයවීම දොළොස්බාගේ සාන්තනාග හිමි.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ඉල් පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය හා අනුශාසනාව මහරගම මහින්ද හිමි, 8 – 9 දහම් දෙසුම කඹුරුගමුවේ මහානාග හිමි, 9 – 10 රූපවාහිනී දම් දෙසුම 10 – 11 ආරාධිත දේශනය අනගාරික ධර්මසේකර මහතා 11.30 – බුද්ධ පූජාව පස්වරු 12 – 1 පිරිත් සජ්ඣායනාව 1 – 2.30 භාවනා දේශනය ගාමිණී පි‍්‍රයන්ත මහතා 3 –4 දහම් දෙසුම තම්මිටිගම වජිර හිමි 4 – 5 දහම් දෙසුම දොඩන්ගොඩ අස්සජි නා හිමි 5 – 5.30 බුද්ධ වන්දනාව.

කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී ඉල්පෝදා පැවැත්වෙන සීල භාවනා වැඩසටහන මෙසේ ය. එදින පෙරවරු 6 – 7.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම මොරවක ශාන්ත හිමි, 8 – 9.30 භාවනාව මෙහෙයවීම උතුරාවල ධම්මරතන හිමි, 9.30 – 10.30 දහම් දෙසුම අම්පාරේ සුදස්සී හිමි 10.30 බුද්ධ පූජාව පස්වරු 12 – 1 පිරිත් සජ්ඣායනාව, 1 – 2 දහම් දෙසුම මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි, 2 – 3 බෞද්ධ කථාව කේ.කේ. සුගතපාල මහතා 3.30 – 4.45 ධර්ම සාකච්ඡාව වහුමුවේ විජයවංශ නාහිමි, 4.45 –5.45 දහම් දෙසුම මාපලගම ජිනානන්ද හිමි.

මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේ දී ඉල්පෝදා පින්කම් රැසක් පැවැත්වේ.

එදින පෙරවරු 6.25 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම දෙහිගස්පේ සිරිවිමල හිමි 8 සිල් ආවර්ජනාව කාවින්ද සිරිවර්ධන මහතා 9.30 විදර්ශනා මාර්ගය දෙසුම ජී.චන්ද්‍ර රණතුංග මාතාව, පස්වරු 12.30 පුන් පෝදා සීල සමාදාන හමුව මෙහෙයවීම මාටින් ජයවර්ධන මහතා, පස්වරු 1 රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් දේශනාව ඌරුමුත්තේ සෝමරතන නාහිමි, 1.30 කිරි ගවයකු කැපකරු ක්‍රමයට බාරදීම ප්‍රධාන සභාපති විශේෂඥ වෛද්‍ය එස්. පී. කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. 2 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම වලස්ගල පඤ්ඤාසිරි හිමි 3 දහම් දෙසුම පැළෑනේ සුවිනීත හිමි 5 දහම් දෙසුම කරගොඩ උයන්ගොඩ ජිනරතන හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.