Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය

ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය ඉකුත් 13 වැනිදා සිට 2008 ජනවාරි 21 වැනිදා දක්වා පැවැත් වේ

ඒ අනුව ජනවාරි 14 වැනිදා දිනපතා රාත්‍රී 7 – 8 ධර්ම දේශනා පැවැත්වීම ද, ජනවාරි 15 සිට ජනවාරි 18 දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීම ද සිදු කැරේ. ජනවාරි 19 වනදා රාත්‍රි 9 ට උඩමළුවේ පෙරහර ද, ජනවාරි 20 වන දා රාත්‍රි දෙවැනි වීථි පෙරහර ද, ජනවාරි 21 වනදා රාත්‍රී මහ පෙරහර ද පැවැත්වීමට ද විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙම ඉල් පෝදා සවස 3 – 4 දහම් දෙසුම මඩවල ධම්මික ජිනවංස හිමි, රාත්‍රී 7 – 8 දහම් දෙසුම අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 25 වනදා පිටිගල විජිත හිමි, 26 වනදා හොරපේ ඤාණවිමල හිමි, 27 වනදා දිවියාගහ යසස්සි නාහිමි, 28 වන දා රජවත්තේ වප්ප හිමි, 29 වනදා දොඩම්ගොඩ අස්සජි නාහිමි, 30 වන දා බොරැල්ලේ අතුල නාහිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.