Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරි දළදා මැඳුරේ කාර්තික මංගල්‍යය

දළදා මාලිගාවේ වාර්ෂික කාර්තික මංගල්‍යය පෙරහර මෙම මස 24 වෙනි දිනට යෙදී ඇති ඉල් පුර පසළොස්වක පෝය දින සිිදු කෙරෙන බව දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාගේ අණ පරිදි දළදා මාලිගාවේ කාරිය කෝරාල වන කේ. එම්. කරුණාතිලක මහතා නිකුත් කර ඇති ලියවිල්ලකින් ප්‍රකාශයට පත් කර ඇත. එම ලියවිල්ල මෙසේය.

නමෝ බුද්ධාය - බුද්ධ වර්ෂ 2551 ශක වර්ෂ 1929 රාජ්‍ය වර්ෂ 2007 මහනුවර දංෂ්ට්‍රා ධාතු මන්දිරයේ වාර්ෂික කාර්තික මංගලෝත්සවය ශක වර්ෂ ප්‍රමාණයෙන් 2929 ක් වූ වෘශ්චික රවි 8 භාගය වූ ඉල්මස පුර පසළොස්වක තිථිය ලත් ශනි දින හෙවත් රාජ්‍ය වර්ෂ යෙන් 2007 වූ නොවැම්බර් මස 24 වෙනි දින අපරභාග 5.56 ට උතුර දිශාභිමුඛව දළදා මන්දිරය ප්‍රධාන කොට ඇති විහාර දේවාලයන්හි ප්‍රදීප පූජාව පැවැත්වීම ශුභය.

එදින ඔර්ලෝසු වේලාවෙන් පස්වරු 4.24 ට උතුර බලා දළදා මන්දිරයෙන් කාර්තික මංගල්‍ය පෙරහර පැවැත්වීම ශුභය.

ප්‍රදීප පූජාව සඳහා විහාර දේවාලවලට තෙල්බෙදා දීම 2007 නොවැම්බර් මස 22 දින සවස 2.10 ට මහනුවර නාථ දේවාලයේදී සිදු කිරීම ශුභ වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.