Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රුහුණු කතරගම මහා දේවාලයේ ඉල් මහා පෙරහර 24 දා

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහර මෙම මස 24 දින ඉල් පෝදා රාත්‍රි පැවැත් වේ.

පෞරාණික චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් උඩරට, පහත රට මෙන්ම ලංකාවේ විවිධ පළාත්වල නර්තන කණ්ඩායම් හා රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම් වලින් ද යුතුව අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත.

ඉල් මහා පෙරහර සමයේ කතරගම පුද බිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කතරගම ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාගරික සංවර්ධන අධිකාරිය, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, කතරගම පොලිසිය කටයුතු සම්පාදනය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.