| ඉල් පුර පෝදා විශේෂ කවි සංකල්පනා විශේෂාංගයසංස්කරණය නන්දන වීරසිංහ පර මල්
පඩි පෙළින් බැස අයින් වී එන්නඅලුත් මල් පොකුරු අරගෙන එන්න
 පින්වතුනි, එන අයට ඉඩ දෙන්න
 එපා පරමල් පයින් පා ගන්න
 
 බලන් මේ මල්හි පරමල් සුවඳ
 කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙළෙක
 මහලු මවු කෙනකු ගේ මුව රැදුණු
 සිනාවක් සේ පේ‍්‍රමයෙන් පිරුණු
 
 මලානික මල් රේණුවල පෙනෙන
 අපරිමිත පැතුම්වල මුහුණු වර
 සිය දහස් අත් වලින් පුදන ලද
 උතුම් මිනිසත් කමේ ගුණ සුවඳ
 බලන් තවමත් සුවඳ දෙන මහිම!
 
 පඩි පෙළින් බැස අයින් වී එන්න
 තිබේ පුදසුන හිස් ව ඔබ පිණිස
 අලුත් මල් පොකුරු දෝතින් ගන්න
 එපා පරමල් පයින් පාගන්න
 රත්න ශ්‍රී විජේසිංහ ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විසින් 1985 දී ප්‍රකාශයට පත් කළ වස්සානේ 
			නම් කාව්‍ය සංග්‍රහයෙනි. අමදින්නාගේ කවියමුස්න මතදැවටෙන
 රන්වන්
 තුරුණු
 බෝ
 පත්
 යන්තමින්
 පැටලී
 විසිවෙන
 බෝ
 පත්
 නොදැවටී
 නොබැඳී
 ශේෂ වන
 දිරා ගිය
 මහලු
 බෝ
 පත්
 
 කියා දෙන
 අරුතක
 පැටලි පැටලී
 අමදිමි
 මම
 නඳුන් යසිත දසනායක නාත්තන්ඩිය වීරයනි, පිටවෙන්ට කාලයයි
පරිවර්තනය සෙනෙවිරත්න මහලේකම පන්නිපිටිය දලු දාල මල් පිපිල ගිනි අඟුරු වගේ ගස්කොළ හැළිල පළගන්ට ළං වෙලා හිමියනේ
 විසල් තුරු බබළන්නෙ පහන් සිළු වගේමයි
 වීරයනි, නෑයන්ට පිහිට වීමට කලයි
 
 මල් පිපිල ගස් පිරිල බලන්නට ලස්සනයි
 පරණ පත්හැර දමා පලගන්ට සැරසිලා
 හාත්පස හැම තැන ම මල් සුවඳ විහිදයයි
 වීරයනි, පිටවෙන්ට දැන් හොඳ ම කාලයයි
 
 වැඩි සීතලක් නැහැ වැඩි උණුසුමක් නැහැ
 මඟට බසිනට හොඳ ම ඉරුතුවයි හිමියනේ
 පැසුලු දෙස මුහුණ ලා රෝහිණි ගඟ හරහ
 වඩින හිමි සෑ රජුන් කෝලියහු දකිත් වා !
 කාලුදායි ථෙරගාථා 
			ඇසුරෙන්නමදිමි
උතුම් නිමල් ලොව පරසිදු ගිරි කුළුවවිකුම් ගඟුල් සරසති දියවර සළුව
 දහම් සුනිල් බිම ලොව්තුරු සුව ගැලුව
 වඳිම් සියල් බැතියෙනි සිරිපද මළුව
 
 අඩ විය සමන් සුරිඳුගෙ අනුහස පතළ
 සුරැකිය තෙදින් දෙව් බඹු මුනිපා කමල
 වනලිය මතින් සුර අඟනන් මල් අතුළ
 වැසි දිය රුවන් මිණිකැට වූයෙලු එකල
 
 නමස්කාර කර රැස් තෙවරක් බලති
 දිනක් නෑර ඉර සේවය පුද කරති
 මෙ සංසාර දුර ගමනේ ගිම් නිවති
 සාදුකාර කර සුව¼ඳක් සේ ගලතී
 
 දුරින් දුරට සුදු මල් යායක් විලස
 බුදුන් පුදට කරුණාබර බැති පිරිස
 සිහින් හඬට ගී මුමුණති තුරු සිරස
 නුවන් කුමට නුදුටුව සමණොල පියස
 විනීතා එම්. පතිරණ. වැල්ලම්පිටිය අත්හැරීම
මේ බෝධීන් වහන්සේපැරැණි බෝ පත්
 එකිනෙක හෙළත් මළුවට
 උතුම් යැයි
 පූජනීය යැයි
 සිය මහලු පත්
 කිසිවක් තබා නො ගෙන ම
 
 උන් වහන්සේ
 තම පැරැණි පත්
 අත් හැරීමෙන්,
 වඩා රූබර
 නව ළපල්ලෙන්
 සෝබමානව
 සාධුජන මන නුවන්
 ඇද බැඳ
 අනෙක බුහුමන් ලබත්
 නඳුන්විරු ෆාහියන් හිමි සඳ පා යුග සිඹිමි
එ සඳහැට පස් වියෙහි
 අසිරියකි
 ඔබ
 උත්තුංග යොවුන් සිත
 
 හිම ගිර සීතල
 තිර අදිටනේ පා ගමන
 සොයා දම් හැඩරුව
 සේද මඟ දිග
 
 කෙසේ තරණය කෙළෙහි ද
 ත්සුං - ළි ප්‍රපාතය
 සින්ධු දියකඳ
 
 චූ -චෑං සහ ගන්ධාර
 තක්ෂිලා දේශය ද
 පරුෂපුර රාජ්‍ය
 ගෙවා පසු කර
 සාංකස්‍ය
 වෛශ්‍යාලි මහ බිම
 සිංහල දේශයට
 අභයගිරි දළදා සිරි ද දැක
 
 සිතකින් සිතනු නො හැකි
 ඒ අදිටන
 සිසිර කුමාර මහගමවරකාපොළ
 සරණ යමි
උතුරු සයුරු රළ වැලසේ නිල්වන්බඳුවද මල් පැහැ තරම් සුරත් වන්
 බුදුරැස් දැකගෙන පෙරදිග අහසේ
 බුදුන් සරණ යන්නෙම්
 
 අපමණ අහසෙහි අනන්ත ගුණය ද
 මහ සාගරයේ ඉගැඹුරු ගුණය ද
 හිමි ගුණ හඬ ගා පවසනු අසමින්
 බුදුන් සරණ යන්නෙම්
 
 සුළං අනුව යන මේ කුළ සදිසි
 මෙත් කරුණා ගුණ අනුව ම පැවැති
 වලා පළා දිලි සඳ දහසක් වන්
 බුදුන් සරණ යන්නෙම්
 හිමත් වීරසිංහකොළඹ ආනන්ද විද්‍යාලය
 |