Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දණ්ඩගමුව ශ්‍රී සුදර්මාරාමයේ කඨින පින්කම

දෙලන ශ්‍රී විපුලතිස්සාභිධාන නා හිමි ගුණසමරු පින්කම හා කඨින චීවර පූජාව කුලියාපිටිය දණ්ඩගමුව ශ්‍රී සුදර්මාරාම රජ මහා විහාරස්ථානයේ දී 19 වන දින ආරම්භ වේ. ඒ පිළිබඳ පින්කම් මාලාව මෙසේ ය.

16 වන දින රාත්‍රී ධර්මදේශනය කුප්පියාවත්ත ජයසේකරාමාධිකාරී කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමියන් විසිනි.

17 රාත්‍රී ධර්මදේශනය කනදුල්ල ධර්මරාජ පිරිවෙන් විහාරාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ආලංකුලමේ පේමසිරි හිමි.

18 රාත්‍රී ධර්ම දේශනය අකුරණ ගංගාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කුඹල්වල පියතිස්සාභිධාන පහළ දොළොස්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක නා හිමි.

19 දවල් අර්ධ ශතාධික මහ සඟරුවන උදෙසා සඟසතු දානමය පින්කමෙන් පින්කම් මාලාව අවසන් වේ. දණ්ඩගමුව ශ්‍රී සුදර්මාරාම පුරාණ රජමහාධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති මගුලාගම උපතිස්සාභිධාන පහළ දොළොස්පත්තුවේ අධිකරණ සංඝනායක හිමියන් ගේ අනුශාසනා පරිදි මේ පින්කම් මාලාව පැවැත් වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.