Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විතාරන්දෙණියේ චන්දජෝති නා හිමි ගුණානුස්මරණ පින්කම 17 - 18

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ නිර්මාතෘව වැඩ සිටි විතාරන්දෙණියේ ශ්‍රී චන්දජෝති නාහිමියන්ගේ දසවැනි වාර්ෂික ගුණ සමරු පින්කම සම්බුද්ධාලෝක විහාරයේ දී මෙම 17 - 18 දිනවල දී සිදු කැරේ. විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් වූ විතාරන්දෙණියේ චන්දජෝති නාහිමියෝ ඉමහත් ආගමික හා සාමාජික මෙහෙවරක ද නිරත වූ සංඝ පීතෘන් වහන්සේ නමකි. විවිධ සමිති සමාගම් රැසක නිලතල දැරූ චන්දජෝති නාහිමියෝ ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුශාසකවරයාණෝ ද වූහ. උන්වහන්සේගේ ගුණ සමරුව නිමිත්තෙන් 17 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ 18 වන දා ශතාධික සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.