Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන්ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේදී ඓතිහාසික දුරුතු පූජෝත්සවය ඉකුත් 13 වැනිදා ඇරැඹුනු අතර එය 2008 ජනවාරි 21 වැනිදා දක්වා පැවැත්වේ.

ඒ නිමිත්තෙන් නොවැම්බර් 13 වැනිදා සිට 2008 ජනවාරි 14 වැනිදා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා මාලාවක් විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

ඒ අනුව මෙම 17 වැනිදා සිට 23 දා දක්වා පිළිවෙළින් දරණාගම කුසලධම්ම හිමි, බළන්ගොඩ සෝභිත නාහිමි, කටුදොර පියරතන හිමි, කොටුවිල විමලකිත්ති නාහිමි, රත්කැරැව්වේ පේමානන්ද හිමි, මල්වානේ චන්දරතන හිමි, පානකාවේ පේමරතන නාහිමි එම ධර්ම දේශනා පවත්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.