Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජය ශ්‍රී මහා බෝධිස්ථානයේ කඨින පින්කම්

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙහි සිදු කරන කඨින මහා පින්කම මෙම මස 22 හා 23 දිනවලදී ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝ පැවසූහ. නොවැම්බර් මස 22 දා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්‍මදේශනාවක් පවත්වා 23 දින අලුයම කඨින වස්ත්‍රය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා තෙවරක් පැදකුණු කොට අනුරාධපුර තිස්සමහාරාම විහාරස්ථානයට ගෙනගොස් බාරදීම කෙරේ. එදින දහවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.