UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්


බරණැස

බරණැස, සාරානාත් මූලගන්ධ කුටි මහා විහාරයේ කඨින පූජෝත්සවය මහනුවර අංක 48 නෙළුම් මාවත පි‍්‍රම්රෝස් හි මහනුවර යටිනුවර වීදියේ සිල්මඩේල් වෙළඳ සංකීරණයේ භාරත ලංකා සංචාරක සංවිධානයේ නිර්මාතෘ නන්ද ජයරත්න මහතා සිය 77 වැනි දඹදිව වන්දනා ගමනේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව සාරානාත් මූලගන්ධ කුටි විහාරාධිපති හා ඉන්දියානු මහා බෝධි සමාගමේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සිරි සුමේධ හිමියන්ගේ අරාධනය පරිදි නොවැම්බර් මස 23 වැනි දින බරණැස ඉසිපතන මිගදායේ දී සර්ව රාත්‍රික පිරිත් දෙසුමක් ද නොවැම්බර් මස 24 වෙනි දින සංඝගත දක්‍ෂිනාවක් ද පිරිනැමීමට එදිනට වසරකට වරක් තම මූලගන්ධ කුටි විහාරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතු සහිත ශ්‍රී කරඬුව ප්‍රදර්ශනය කිරීම හා එම කරඬුව රැගත් පෙරහර පැවැත්වීම යනාදී පින්කම් රැසක් සිදුකැරේ.

පැලැන්වත්ත

පැලැන්වත්ත පන්නිපිටිය දිගන පුරාණ විහාරයේ කඨින පින්කම මෙම මස 11 වෙනි දින ශාස්ත්‍රපති පණ්ඩිත රේටියගම ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙවර කඨින පින්කමෙහි ප්‍රධාන දායකත්වය මහල්වරාව පදිංචි විමලා පේලි ආරච්චි මහත්මිය විසින් දරනු ලබන අතර එම නිවසේ සිට 11 වෙනි දින අලුයම පෙරහරකින් කඨින චීවරය වැඩමවා ගෙන එනු ඇත. 11 වෙනි දින උදෑසන කඨිනානිශංස ධර්මදේශනාවක් ද පවත්වනු ලබන අතර එදින දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාවද පැවැත්වේ.

කළුවාමෝදර

අලුත්ගම කළුවාමෝදර අලුත්ගම්වෙල ශ්‍රී ගුණාලංකාරාමයේ කඨින පූජා මහෝත්සවය පල්ලෙතලවින්නේ සිරි සුජාත තිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මස 16 සහ 17 දිනයන්හි පැවැත් වේ. 16 වැනි දින රාත්‍රි බෝධි පූජා පින්කම සහ ධර්ම දේශනාවක් පැවැත් වේ. පසු දින (17 දින) අලුයම කඨින චීවරය රැගත් පෙරහර පිටත්වන අතර උදෑසන කඨින චීවර පූජාව සිදු කෙරේ. එදින දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.

හෙයියන්තුඩුව

හෙයියන්තුඩුව පුරාණ විහාරයේ කඨින පින්කම මෙම මස 10 - 11 දෙදින තුළ දී සිදු කැරේ. 10 වන දින පස්වරු 2.00 ට විහාරස්ථානය අසලින් ආරම්භ වන පෙරහර ඔබවත්ත හන්දිය, ඇවරිවත්ත හංදිය ඔස්සේ මෙවර ප්‍රධාන දායකත්වය දරන මාෂල් එගොඩවත්ත මහතාගේ නිවසට ගොස් නැවත වීමෝල් හන්දිය, සමෘද්ධි මාවත, නයාගල හංදිය ඔස්සේ විහාරස්ථානයට පැමිණේ. එදින රාත්‍රි අටවිසි බුද්ධ පූජා බෝධි පූජා පින්කම ද, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනය ද පවත්වා අලුයම කප්රුක් පූජාව ද, එච්. ඩී. චන්ද්‍රපාල මහතාගේ නිවසේ සිට කඨින චීවරය වැඩම කරවා කප්රුක් පූජා සහිතව සඟසතු කොට පූජා කැරේ. 11 වන දින උදේ 60 නමකට අධික බුදුපාමොක් සංඝගත දක්ෂිණාමය පින්කමක්ද පවත්වනු ඇත.

යාලේගම

ඉඳුරුව, යාලේගම ජයසුමනාරාමයේ කඨින පින්කම මෙම මස 07 සහ 08 දින විහාරාධිපති ගම්මැද්දේගොඩ සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. 07 වෙනි දින රාත්‍රි කඨින චීවරය රැගත් පෙරහර ඉඳුරුවේ ඇටවල විජේදාස වටවල මහතාගේ නිවසින් ඇරැඹේ. 08 වෙනිදා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවකි. 7 සහ 8 දෙදින තුළ ලක්වැසි සැමට සෙත් පතා බෝධිපූජා ඇතුළු පින්කම් මාලාවක් පැවැත් වේ.

දකුණු කළුතර

දකුණු කළුතර පරණ පාරේ සිරි නිවාසාරාමයේ කඨින පින්කම මෙම 10 වැනිදා මාරපන විජිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. එදින අලුයම කඨින චීවර පූජා පෙරහර කළුතර ශ්‍රී සාරානන්ද මාවතේ සේපාල ගුණවර්ධන මහතාගේ හා එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ.

අළුබෝමුල්ල

පාණදුර අළුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාමයේ කඨින පින්කම පුවක්පිිටියේ මෙත්තානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ කාර්ය සාධක සමිතිය, විශාඛා කුළඟන සමිතිය, දහම් පාසල් සංවර්ධන සමිතිය හා එන්. එම්. පැට්රික් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 10 දින සිදු කෙරේ. උදෑසන 6.00 කඨින චීවර පූූජා කිරීම ද, උදෑසන 7.00 ට අර්ධ ශතාධික සංඝගත දක්ෂිණාව ද සිදු කෙරේ. රාති‍්‍ර 7.00 ට ධර්ම දේශනය පුවක්පිටියේ මෙත්තානන්ද නා හිමියන් විසින් පවත්වති.

වප් මස අමාවක

 පෝය නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි.
10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර්
09 වන දා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
17 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]