UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අස්ගිරිය ගෙඩිගේ විහාරය කඨින චීවර පූජෝත්සවය

මහනුවර අස්ගිරිය ආදාහන මළු ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරයේ (දළදා ගමන් මාලිගාව) කඨින චීවර පූජෝත්සවය මෙම මස 9, 10 දිනවල දී පැවැත් වේ.

ප්‍රදේශවාසීන්ගේ සහ ශ්‍රී ධර්මකීර්ති දහම් පාසලේ දායකත්වයෙන් පැවැත්වෙන කඨින පින්කම අස්ගිරිය මහා විහාර කාරක මහා සංඝ සභාවේ කාරක සභික පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. 10 වැනි දින අලුයම කඨින චීවරය පේරාදෙණිය පාරේ සේරා ද සොයිසා ගුණානුස්මරණ සදාචාර කුළඟන සමිති මූලස්ථානයේ සිට වැඩම වන අතර එදින දවල් අස්ගිරි මහ නාහිමි, අනු නාහිමි ප්‍රධාන මහා සංඝ රත්නය විෂයෙහි පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව කඨින චීවර පූජාව පැවැත් වේ.

එම අවස්ථාවට දියවඩන නිළමෙ ප්‍රදීප් නිලංග දෑල, බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස් කේ. ජී. මුතුබණ්ඩා යන මහත්වරු ප්‍රධාන දායක දායිකාවන් රැසක් සහභාගි වෙති.

වප් මස අමාවක

 පෝය නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි.
10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර්
09 වන දා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
17 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]