UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අස්ගිරි මහා විහාර කඨින පින්කම

මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනේ දී මෙම 10, 11 දිනවල පැවැත්වෙන කඨින පින්කම නිමිත්තෙන් 11 වෙනි දින උදේ භික්ෂූන් වහන්සේ එකසිය පණස් නමක් පිණ්ඩපාතයේ වැඩම කෙරේ. අස්ගිරි මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මහා විහාර පරිවෙනාධිපති ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පැවත්වෙන කඨින චීවර පූජෝත්සව වැඩ සටහන මෙසේය.

නොවැම්බර් 10 වෙනි දින රාත්‍රි 7.00 සිට 8.00 දක්වා අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් විසින් පවත්වනු ලබන ධර්ම ;ද්ශනාවකි. 11 වෙනි දින පාන්දර 4.00 ට වට්ටාරන්තැන්න වික්‍රමසිංහ මහතාගේ නිවසේ සිට කඨින චීවරය පෙරහරෙන් මැඩම කර උදේ 6.00 ට මහා සංඝයා වහන්සේ 150 නමක් මහනුවර නගරයේ පිණ්ඩපාතයේ වැඩම කැරේ. උදේ 7.00 ට මහා පිරිවෙන් ධර්ම ශාලා මන්දිරයේ දී හීල් දානය පිරිනැමීම, දවල් 11.00 ට අස්ගිරි මහ නාහිමි, අනුනාහිමි ප්‍රධාන ශතාධික මහා සංඝ රත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම සහ කඨින චීවර පූජාව පැවැත් වේ.

වප් මස අමාවක

 පෝය නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි.
10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර්
09 වන දා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
17 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]