Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොස්ගොඩ ශ්‍රී සුගතවංශ අනු නා හිමි සමරා පින්කම්

පොල්පිතිගම මාඑළිය ශ්‍රී මංගල පිරිවෙන් විහාරාධිපති කෘත්‍යාධිකාරීව වැඩසිට අපවත් වී වදාළ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක හා වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක කොස්ගොඩ සුගතවංශ නාහිමියන් අපවත් වී වසර 06 ක් සපිරීම නිමිත්තෙන් මෙම 10, 11 යන දිනවල මාඑළිය පිරිවෙන් විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. පරිත්‍රාණ ධර්මදේශනයක්, කඨින චීවර පූජාව, කුල දරුවන් පැවිදි කිරීම ආදී පින්කම් රැසක් වයඹ පළාතේ උප ප්‍රධාන සංඝ නායක මාඑළියේ සිරි සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.