Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරි වෙහෙර රජ මහා විහාරයේ කඨින පින්කම

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා පින්කම මෙම මස 14, 15 යන දිනයන්හි ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

මෙම මස 14 දින සවස කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේ අබියස විශේෂ බෝධි පූජා පින්කමක් පවත්වා ජනාධිපතිතුමාට, රජයට, ශ්‍රී ලංකාවාසී සැමට, ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට සෙත් පැතීම සිදු කෙරේ. එදින රාත්‍රි විහාරස්ථ දුටුගැමුණු ධර්ම ශාලාවේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත් වේ.

15 දින අලුයම 02 ට පමණ කඨින පූජා පෙරහර ආරම්භ කැරේ. එදින දවල් අර්ධ ශතාධික මහා සංඝරත්නයට පිරිකර සහිත දානය පිළිගැන්වීමෙන් පින්කම් කටයුතු අවසන් වෙයි. විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල, මහාසේන සිල් සමිතිය, සංඝමිත්තා කුළඟන සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.