UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනූ වියට පා තබන හොරණ පඤ්ඤාසේකර නා හිමි

යුගයෙන් යුගයට පහළ වන සුපේෂල ශික්‍ෂාකාමී වියත් යතිවරයන්ගෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනය බබුළුවන බව ප්‍රකට කියමනකි.

ත්‍රිපිටක විශාරද ශ්‍රී මේධංකර රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ හොරණ රජමහා විහාරාධිපති, හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාල පීඨයේ කෘත්‍යාධිකාරීත්වය හා හොරණ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති ධූර හෙබවූ ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත හොරණ පඤ්ඤාසේඛර නාහිමිපාණන් වහන්සේ උක්ත කියමනට උදාහරණ වශයෙන් දැක්විය හැකි මහතෙර නමකි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2462 ක් වූ ඉල්මස තෙවන දින නොහොත් 1918 නොවැම්බර් 03 දින හොරණ සම්භාවනීය පවුලක, හීන්කෙන්ද මුදියන්සේලාගේ හෙන්ද්‍රික් අප්පුහාමි දම්පතීන්ට දාව, මානගේහේන අඩිලින් නෝනා මහත්මියගේ මාතෘත්වයෙන් ජන්ම ලාභය ලත් හෙක්ටර් හීන්කෙන්ද නම් වූ පින්වත් කුමරු හොරණ ශ්‍රී සෝමානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා හොරණ ශ්‍රී දේවානන්ද හිමියන්ගේ උපාධ්‍යයත්වයෙන් පැවිදි බිමට පත් විය. උන්වහන්සේ 1938 මැයි 01 දින ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාවට පත්විය. අනතුරුව වසර 13 ක් වැනි සුළු කාල සීමාවකදී ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත්වූහ. 1958 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උසස් පෙළ සාමාර්ථය ලත් අතර 1965 වසර වන විට ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගැනීමට මුන්වහන්සේ සමත්වූහ.

මුන්වහන්සේගේ සේවාව ආගමික කටයුතු වලට පමණක් සීමා වූවක් නොවේ.

ධර්ම ශාස්ත්‍රීය කටයුතු මෙන්ම සමාජ ආර්ථික හා සංස්කෘතික කටයුතු වලින්ද දායකත්වය ලැබුණි. ලන්ඩන් නුවර තේම්ස් විහාරය ආශ්‍රය කරගෙන බටහිර රටවල ආගමික දූත මෙහෙවරක යෙදුණි. ඕස්ට්‍රියාව, නෙදර්ලන්තය, ඇමරිකාව, ප්‍රංශය, චෙකොස්ලෝකියා ජනරජය තායිලන්තය, ජපානය වැනි රටවල් ගණනාවක බෞද්ධ ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා පුළුල් සේවාවක් ඉටු කළහ.

මුන්වහන්සේගේ ඉගැන්වීමේ හා මගපෙන්වීමේ කටයුතු වල ප්‍රතිඵල වශයෙන් ගිහි පැවිදි ශිෂ්‍යයන් රාශියකගේ ජීවිත සාර්ථක කර ගැනීමට හැකි විය. විශ්වවිද්‍යාල කථිකාචාර්ය මහාචාර්ය වරුන් පමණක් නොව උපකුලපති කුලපති වැනි උසස් තනතුරු හොබවන්නන් ඒ අතර වේ.

පාලි සංස්කෘත, ප්‍රාකෘත වැනි පෙරදිග භාෂා මෙන්ම ඉංගී‍්‍රසි ජර්මන්, ප්‍රංශ වැනි භාෂාවන් පිළිබඳවද උන්වහන්සේගේ දැනුම ධර්ම ශාස්ත්‍රීය සේවාව අතින් බලන විට පුවත් හා සඟරාවලට සපයා ඇති ලිපි හා ග්‍රන්ථ මාලාවන් ඉංගී‍්‍රසි බසින් GIFT OF DHAMMA නම් ග්‍රන්ථයක් එළිදැක්වීමට කටයුතු කරමින් පවතී. ඉංගී‍්‍රසි බසින් කෙරෙන ධර්ම දේශනා විදේශිකයන් අතර ජනපි‍්‍රයව ඇත.

හොරණ අසරණ සරණ සමිතිය ආරම්භ කොට පාසල් පුස්තකාල වලට පොත් සැපයීම බෞද්ධ විහාරාරාම වල වෙසෙන සංඝයා වහන්සේලාට සිවුරු පිරිකර වලින් සංග්‍රහ කිරීම දුෂ්කර පළාත් වල හා වව්නියාව වැනි ගම්මාන වල විහාර ආරාම ඉදිකිරීම, රෝහල් වලට පොත්පත් හා බෙහෙත් හේත් සැපයීම ආදී වශයෙන් දීප ව්‍යාප්ත සේවාවක යෙදී සිටී.නොවැම්බර් මස 3 දිනට 90 වියට පා තබන හොරණ පඤ්ඤාසේඛර නාහිමියන්ට ආරෝග්‍ය සම්පත් හා චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.

වප් අව අටවක

 

වප් අව අටවක පෝය නොවැම්බර් මස 01
වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]