Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොරකීනේ අනුරුද්ධ හිමියෝ නායක පදවි ලබති

ඇල්පිටිය ඌරගස්මන් හන්දිය කොරකීන ශ්‍රී විජිතාරාමය, ඇල්පිටිය පන්විලහේන ශ්‍රී පූර්වාරාමය යන උභය විහාරාධිපති කොරකීනේ අනුරුද්ධ හිමියන් පැවිදි බිමට පත්ව ඉකුත් 19 වැනි දාට හතළිස් වසරක් සපිරිනි.

අනුරුද්ධ හිමියන්ගේ ශාසනික හා ජාතික සේවයට උපහාර වශයෙන් අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය මඟින් සිරි අභයතිස්ස වංසාවතංස ශ්‍රී දීපංකර වංසද්වජ ශාසන කීර්ති ශ්‍රී ධර්ම විභූෂතා’ යන ගෞරව නාමය සහිත බෙන්තර වලල්ලාවිට කෝරළයේ නැගෙනහිර කරන්දෙණිය ඌරගහ දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය ඉකුත් සැප්තැම්බර් මසදී කුප්පියාවත්තේ ජයශේඛරාරාමයේ දී පිරිනැමිණි.

අභිනව නාහිමියන් පිළිගැනීමත්, කඨින පූජාවත්, ඇතුළු පින්කම් මාලාවක් කොරකීන විජිතාරාමයේ දී ඉකුත් 26 වැනිදා සිදු කැරිණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.