Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැගන්තලේ රාහුල හිමියෝ ගිලන් වෙති

මහරගම පිළිකා රෝහල් භූමියේ ආගමික සහ සුබ සාධක සේවා මධ්‍යස්ථානාධිපති වැගන්තලේ රාහුල හිමියෝ ඉතාමත් බරපතල ලෙස රෝගාතුර වී ඇතැයිද උන්වහන්සේගේ එම රෝගී තත්වයෙන් සුවපත් කරගැනීම සඳහා සිංගප්පුරුවේ දී ශල්‍ය කර්මයක් සිදු කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇතැයි ද කියති. ඒ සඳහා අතිවිශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලින්ගේ ආධාර පතා මහජන බැංකුවේ මහරගම ශාඛාවේ 3062001285507743 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවත් මුදල් ඇණවුම් වෛද්‍ය සමාධි රාජපක්‍ෂ (පිළිකා රෝහල වෛද්‍ය නිලධාරී) මහරගම පිළිකා රෝහලේ ආගමික ශුභ සාධක මධ්‍යස්ථානය, අංක 165, නල්ලවත්ත, මහරගම යන ලිපිනයට යොමු කරන ලෙසත් දන්වා සිටී.

වැගන්තලේ රාහුල හිමියන් 1982 වසරේ සිට පිළිකා රෝහල් භූමියේ වැඩ සිටිමින් රෝගීන්ගේ සුබසාධනය උදෙසාම කටයුතු කළ අතර රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ රෝහල් ඉදිකිරීම් යනාදි කටයුතු සඳහා රුපියල් කෝටි ගණනක් වටිනා පරිත්‍යාග කර ඇති හිමි නමකි.

මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා 011- 2841796, 011 – 2851967 දුරකථන අංකයනට අමතන ලෙසද වැගන්තලේ රාහුල හිමි විදේශ ප්‍රතිකාර අරමුදලේ භාරකාර මණ්ඩලය කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.