Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොළොන්නරුව ගල් විහාරයේ පින්කම 25, 26

සොළොස්මස්ථාන රාජමහා විහාරයේ කඨින මහා පූජෝත්සවය වෙඬරුවේ උපාලි නා හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසීන්ගේ සහ රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් මෙම ඔක්තෝබර් 25 වප් පුර පසළොස්වක පෝය දින සහ පසුදින ඓතිහාසික ගල් විහාරයේ දී පැවැත් වේ.

කථින පූජෝත්සවය වෙනුවෙන් වප් පෝදින ගල් විහාරයේ දී මල් පහන් බෝධි පූජාවක් සහ මහ පිරිත් දේශනයක් පැවැත් වේ. 26 දින අලුයම ජයන්තිපුර 24 කණුව එල්. ඩබ්ලිව්. ජී. ඩිංගිරි මැණිකේ මහත්මියගේ නිවසේ සිට කඨින වස්ත්‍රය පුරාණ චාරිත්‍රානුකූ®ලව පෙරහරෙන් ගල් විහාරය වෙත වැඩම කරවනු ලැබේ. එදින දවල් ගල් විහාර ධර්ම මන්දිරයේ දී සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.

එම අවස්ථාවට මැති ඇමතිවරු රාජ්‍ය ආයතන නිලධාරි මහතුන් ද සහභාගිවීමට නියමිතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.