Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කම

කේ. බණ්ඩාරනායක

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පූජා පින්කම ඔක්තෝම්බර් මස 26, 27 දිනවලදී පැවැත්වේ.

මෙවර පින්කමේ දායකත්වය දරනු ලබන්නේ පින්කමේ මූලිකත්වය ගෙන ක්‍රියාකරන මහනුවර කටුකැලේ ලේඩ්බ්ලේක් උපාසිකාරාමාධිපතිනි කොත්මලේ සුදර්මා සිල් මෑණියන්ගේ අනුශාසනා පරිදි ලක්වාසි බෞද්ධ ජනතාව සමග කොළඹ එදිරිසිංහ පවුලේ පිරිසයි.

26 වෙනිදින සවස 4.00 සිට 5.00 දක්වා ධර්ම දේශනාවකි. සවස 7.15 ට ශ්‍රී දළදා සමිදු උදෙසා පිරිනැමෙන ගිලන්පස බුද්ධ පූජාවකි. කොළඹ ගංගාරාම විහාරයේ සිට පිරිත් සජ්ක්‍ධායනා මධ්‍යයේ රිය පෙරහරකින් මහනුවර කටුකැලේ ලේඩි බ්ලේක් ආරාමය වෙත වැඩමවාගෙන එනු ලබන කඨින චීවරය 27 වෙනි දින අලුයම අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහරකින් ශ්‍රී දළදා මාලිගාවට වැඩම කෙරේ. 27 වෙනි දින අමුතු මුළු තැන් බුද්ධ පූජාවට අනතුරුව දවල් මල්වතු අස්ගිරි මහානායක , අනුනායක මා හිමිවරු ප‍්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන අට පිරිකර සහිත සපිරිකර සංඝගත දක්ෂිණාවකි. කප්රුක් සහිත කඨින චීවර පූජාවෙන් පිංකම අවසන් කෙරේ එම ආගමික වැඩසටහනට ශ්‍රී දළදා මාළිගාවේ දිය වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගි වේ.

1964 සිට කොත්මලේ සුදර්මා සිල්මෑණියන් විසින් ශ්‍රී දළදා මාළිගාවේ පවත්වාගෙන එනු ලබන කඨින පින්කම් මාලාවේ 43 වෙනි කඨින පින්කම මෙය වන අතර ශ්‍රී දළදා සමිදු තේවාව බාරව වැඩ සිටින මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික තිබ්බටුවාවේ මේධංකර හිමියන් ප්‍රධාන මල්වතු මහා විහාරයේ මහා සංඝයා වහන්සේ හතර නම ශ්‍රී දළදා මාලිගාවේ වස් එළඹ සිටිති.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.