Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යමහෝත්සවය මෙවරද ඔක්තෝබර් මස 27 දින උදෑසන සිදු කෙරේ. ඒ නිමිත්තෙන් 23 දින සිට 27 දින් දක්වා දිනපතා බෝධි පූජාමය පින්කම් මාලාවක් පැවැත්වෙන අතර 26 වන දින සර්ව රත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් පවත්වා පසුදින ගරුතර ස්වාමීන්වහන්සේලා 30 නමකට හීල් දානය පූජා කෙරේ.

විහාරාධිපති කොටපොල අමරකිත්ති ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වය ඇතිව විහාරස්ථ සියලු දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන්නේ කොළඹ 7, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ රුක්මණී වෙල්ගම මහත්මියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.