Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහමට ලැදි තරුණයන්ට පැවිදි වීමට අවස්ථාවක්

බුදු සසුනේ චිරස්ථිතිය, අභිවෘද්ධිය මෙන්ම ගමේ රටේ යහපතට කැපවීම උදෙසා තරුණයන් 50 දෙනෙකු පැවිදි කිරීමේ සුවිශේෂ වැඩ පිළිවෙලක් ජාතික සංඝ සම්මේලනය ආරම්භ කර ඇත.

පැවිදි දිවියට ඇතුළත්වීමට කැමති වයස අවු. 18 – 30 තරුණයන් තමන් පිළිබඳ මූලික විස්තර සහිත සකස් කළ අයදුම්පතක් 2007 නොවැම්බර් 15 දිනට ප්‍රථම ජාතික සංවිධායක, භික්‍ෂු සේවා අංශය, සර්වෝදය මූලස්ථානය, අංක 98, රාවතාවත්ත පාර, මොරටුව යන ලිපිනයට යොමු කළ යුතු ය.

මෙසේ පැවිදි දිවියට ඇතුළත් වන භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය අධ්‍යාපනය හා මඟ පෙන්වීම සමඟ පහසුකම් සැළසීම සර්වෝදය මඟින් සිදුකෙරේ. සර්වෝදය සංගමයට වසර 50 ක් පිරෙන 2008 වසරේ ජූනි මස මෙම පැවිදි කිරීම සිදු කෙරේ. ඊට ප්‍රථම තෝරාගැනීමෙන් අනතුරුව මූලික පුහුණුවක් සහ පැවිදි දිවියට අවශ්‍ය සූදානම සිදු කෙරෙන බව සර්වෝදය ජාතික සංඝ සම්මේලනය මඟින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.