Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වෙන්නප්පුව පල්ලිය පිටුපස, අංක 410. “සුහද” නිවසේ පදිංචි ඩබ්.ශ්‍රියානි ප්‍රනාන්දු නමැති දෙදරු මව (41 වියැති) දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා “ ඒ “පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඒ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාගශීලියකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 031- 7910096 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස රෝගියාගේ ස්වාමිපුරුෂයා වන රෙජිනෝල්ඩ් ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කරයි.

*******

අක්මාවක් බද්ධ කිරීමට ආධාර පතයි

උඩුබද්දෑව, තල්ගහපොත්ත පදිංචි ජේ.ඒ.ජේ. ජයමාන්න මහතාගේ එකම පුතණුවන් වන ඉඳුවර රසාංජන ලංකා ජයමාන්න නමැති අටමස් වියැති ළදරුවාට දරුණු අක්මා රෝගයක් වැළඳී ඇති බවත්, එම බිළිඳාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අක්මාවක් බද්ධ කිරීමක් කළ යුතු යැයි ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මලිත් සමරසිංහ මහතාගේ නිර්දේශය වේ. ශල්‍ය කර්මය ඉන්දියාවේ සිදු කළයුතු බවද, ඒ සඳහා ලංකා මුදලින් රු.ලක්‍ෂ.45 ක් පමණ වැයවන බවත්, මාස 2 ක් වැනි කාලයක් තුළදී ශල්‍යකර්මය කළ යුතු බවත් පැවසේ.

එම රෝගී සිඟිත්තාගේ පියාවන ජයමාන්න මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායට අනුයුක්තව සේවය කරන බවත්, ශල්‍ය කර්මය සඳහා මෙතරම් මුදලක් සොයා ගැනීම ඉතාම අපහසු කාර්යයක් බවද ඔහු කියයි. එමනිසා පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා සෙලාන් බැංකුවේ කුලියාපිටිය ශාඛාවේ ගිණුම් අංක 0440-02558860-101 , ලංකා බැංකුවේ කුලියාපිටිය ශාඛාවේ ගිණුම් අංක 1536996 දරන ගිණුම් ආරම්භ කර ඇති බවද ජයමාන්න මහතා දන්වා සිටී.

*******

මතුගම, උතුම්ගම දොඹම්පාපිටිය මාරිංග අසෝක මහතාගේ පුත්‍රයා වන අවුරුදු 1 මාස 2 ක් වයසැති අරෝෂ් සුදර්ශන දරුවා හදවත් රෝගයකින් පෙළෙන බැවින් එම දරුවා සුවපත් කිරීමට සැත්කමක් කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. සැත්කමට ආධාර පතා මතුගම ලංකා බැංකුවේ ගිණුම් අංක 6052998 යටතේ ගිණුමක් අරඹා ඇත. ආර්ථික අපහසුතා වලින් පෙළෙන බැවින් පරිත්‍යාගශීලීන් ඊට දායක වන්නැයි දරුවාගේ පියා ඉල්ලීමක් කරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.