Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නාත්තන්ඩියේ සිරිනිවාස හිමියන්ට උපහාර පිදීම 12 දා

හලාවත ශ්‍රී විජයාරාමය, ඉනිගොඩවෙල ශ්‍රී නීග්‍රෝධාරාමය, මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාමය, දුම්මලසූරිය ශ්‍රී සුදස්සනාරාමය,දෙමටපිටිය ශ්‍රී සුමංගලාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපති ගුණරතන කීර්ති ශ්‍රී සීලාලංකාර පඤ්ඤාතිලක නාත්තන්ඩියේ සිරිනිවාස තිස්සාභිධාන හලාවත පුත්තලම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ ඔක්තෝම්බර් 12 වන දින පෙරවරු 9 ට හලාවත ආනන්ද ජාතික පාසලේ පැවැත්වෙන උත්සවයකදී උපහාර ලබති.

හලාවත විජය විද්‍යාලය හලාවත ආනන්ද ජාතික පාසල හා හලාවත ශ්‍රී සීලාලංකාර ධර්මායතනය බිහිකිරීමේ දී මූලිකව කටයුතු කරමින් කරනු ලැබූ ජාතික හා ශාසනික මෙහෙවර අගයමින් එම උපහාර උත්සවය පැවැත්වේ. අමරපුර මහා නිකායේ මහානායක හීනටියන නන්දතිස්ස මහනා හිමියෝ එම උත්සවයේ මුලසුන හොබවති.

අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ප්‍රධාන පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු සහ ඇමතිවරුද වයඹ පළාත් සභාවේ මන්තී‍්‍රවරු සහ ඇමතිවරු ද හලාවත නගර සභාවේ සභාපති ඇතුළු නාගරික මන්තී‍්‍රවරු ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු ද ඊට සහභාගිවීමට නියමිතය. හලාවත ආනන්ද ජාතික පාසලේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන්, ආදි ශිෂ්‍ය සංගමය, විහාරස්ථ දායක සභා එකතුව එම උපහාර උළෙල සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.