Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලිගම ඤාණරතන මහ නා හිමියන්ගේ

ජන්ම සමරුවට පින්කම් රැසක්

රත්මලාන මල්ලිකාරාමාධිපති රාජකීය පණ්ඩිත විනය විශාරද ධර්ම කීර්ති ශ්‍රී වැලිගම ඤාණරතන මහනාහිමිපාණන් වහන්සේට ඔක්තෝබර් මස 14 වන දින යෙදෙන 95 වන ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ පින්කම් මාලාවක් රත්මලාන මල්ලිකාරාම යේදී පැවැත්වේ. ඔක්තෝබර් මස 7 වන දින එම පින්කම් මාලාව ආරම්භ කරන අතර එදින ලේ දන් දීමේ පින්කමක් ද, සවස මහරගම පිළිකා රෝහලේ රෝගීන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද, 12 වන දින තෙසැත්තෑ ඤාණ පූජාවක්ද , 13 වන දින රණවිරුවන් සඳහා කෘතී‍්‍රම පාද ප්‍රදානයක් හා රාතී‍්‍ර සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක්ද, පසුදින (14 වන දින) දවල් ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද, එම පින්කම් මාලාවට සමගාමීව ඇස් කණ්ණාඩි බෙදාදීමක් හා සමාධි බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීමද ඇතුළු පින්කම් රැසක් දායක කාරකාදීන් විසින් සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.