Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

රාජගිරිය, රාජගිරිය පාර, නො. 162 හි පදිංචි අතුල මාකලන්ද මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඔහුට වහාම “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නසාර් මහතා නිර්දේශ කර ඇත. එම නිසා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා ගැනීමට උපකාර වන්නැයි ඉල්ලීමක් කැරෙන අතර, ඒ පිළිබඳ 0112865526 දුරකතන අංකයෙන් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.

****

පොළොන්නරුව, සෙවණපිටිය, අලුත්වැව අංක 30 හි පදිංචි ආයුර්වේද වෛද්‍ය පී. එස්. අබේසිරි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහු සුවපත් කිරීම සඳහා ඉක්මනින් “ඒ බී පොසිටිව්” වර්ගයේ හෝ වෙනත් ඕනෑම වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.

මෙම වෛද්‍ය තිදරු පියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරිමට කැමති හිමි නමක් හෝ කාරුණික අයෙක් සිටී නම් 0274902513 යන දුරකථන අංකයට හෝ වෛද්‍යාචාර්ය පී. එස්. අබේසිරි, අංක 30, අළුත් වැව, පොළොන්නරුව යන ලිපිනයෙන් විමසන්න යැයි ද ඉල්ලීමක් කැරේ.

තවද රෝහලේ නොමැති ඉතා මිල අධික ඖෂධ සඳහා අවශ්‍ය කරන මුදල්, පරිත්‍යාග මගින් සොයා ගැනීමට සිදු වී ඇති බැවින් ඒ අනුව පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලංකා බැංකුව අරළගංවිල ශාඛාව ගිණුම් අංක 6935275 හෝ මනම්පිටිය ග‍්‍රාමීය බැංකු ශාඛාවේ ගිණුම් අංක 18374 යන ගිණුමට බැර කළ හැකි බව ද කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.