Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අසූ හාර දහසේ මහා පහන් පූජාව මාතර බෝ සමිඳු අබියස 28 දා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රජයටත්, ති‍්‍රවිධ හමුදාව ඇතුළු පොලීසියටත් සුනාමි ව්‍යසනයෙන් අවතැන්වූවන්ට හා සමස්ත ශ්‍රී ලාංකාවාසීන්ටත් ආශීර්වාද ප‍්‍රාර්ථනය කිරීම , සාමය උදාවීම හා රට දැය සමය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන්ටත්, සුනාමි ව්‍යසනයෙන් මියගිය අයට පින් පැමිණවීමත් අරමුණින් පවත්වනු ලබන අසූහාර දහසේ මහා පහන් පූජාව මෙම 28 වැනිදා පස්වරු 6.30 ට මාතර බෝ සමිඳු අභියසදී පැවැත්වේ.

එම අසූහාර දහසේ පහන් පූජාව ශ්‍රී පැරකුම් ව්‍යාපෘතියේ ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් මෙහෙයවනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.