Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්තොට 500 ක් දෙනා කැලණි වෙහෙරේ දී අටසිල් හි පිහිටති

මාතලේ රත්තොට ප‍්‍රදේශයෙන් උවසු උවැසියන් 500 ක් දෙනා පෙහෙවස් සමාදන් කරවීමේ උදාර පින්කමක් රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති ටී.ඩී.ජයතිස්ස මහතා විසින් සංවිධානය කර ඇත. රත්තොට ගනේතැන්න ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරය - ගුරුබැබිල ටැම්පිට පුරාණ විහාරය - මරදුරාවල ශ්‍රී අශෝකාරාමය යන විහාරස්ථානවල නිති පතා සිල් ගන්නා උවසු උවැසියෝ 500 දෙනා මෙම 26 වැනි දිනට යෙදෙන බිනර පුණු පොහෝදා කැලණිය රජ මහා විහාරස්ථානයේදී පෙහෙවස් සමාදන් කෙරෙති.

මෙම පිරිස 25 දා කැලණි රජමහා විහාරස්ථානයට පැමිණෙන අතර එදින සහ පුණු පොහෝ දින අවශ්‍ය සියලුම දානමානදිය හා ප‍්‍රවාහන පහසුකම් සලසා දෙන්නේ මාතලේ දිස්ති‍්‍රක් ශ්‍රී ලංකා නි.ප. සංවිධායක නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා විසිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.