Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමියෝ නායක පදවි ලබති

පිළියන්දල විද්‍යා ශාන්ති පිරිවෙන් විහාරාධිපති, දීපව්‍යාප්ත බුදු පහන සංවිධානයේ සභාපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමියන් සිදුකරනු ලබන ලෝක ශාසනික සේවාව අගයමින් අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායේ සුධර්මා නම් කාරක සංඝ සභාව මඟින් සිරි පඤ්ඤාරංසි වංසාවතංශ සද්ධර්ම කීර්ති ශ්‍රී විනයශෝභන ගෞරවනාමය සහිතව කොළඹ නව කෝරළයේ සහ නවතොටමුණේ ප‍්‍රධාන සංඝනායක පදවියට පත්කර ඇත. එම අක්තපත‍්‍රය මෙම මස 29 වෙනිදා සවස 2 කොළඹ කුප්පියාවත්ත ජයසේඛරාම මහා විහාරස්ථානයේ දී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහා නායක ධූරන්ධර රාජකීය පණ්ඩිත බළංගොඩ සුධම්ම වංශ මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පිරිනැමීමට නියමිතව ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.