Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාමණේර හිමිවරුන්ට රංගිරි ගුවන් විදුලිය හා එක්වීමට අවස්ථාවක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම බෞද්ධ ගුවන් විදුලි නාලිකාව වන රංගිරි - ශ‍්‍රී ලංකා ගුවන් විදුලියෙන් විකාශය වන බෞද්ධ වැඩ සටහනක් සඳහා සහභාගිවීමට සාමණේර භික්ෂූන් වහන්සේට අවස්ථාව ලබාදීමට එම ගුවන් විදුලිය තීරණය කර තිබේ. සාමණේර හිමිවරුන්ගේ විවිධ වූ හැකියාවන් හා දහම් දැනුම වර්ධනය, බෞද්ධ වත් පිළිවෙත්, ධර්ම ග‍්‍රන්ථ පරිශීලනය ආදී වූ විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ විකාශය වන මෙම වැඩ සටහනට සහභාගිවීමට කැමති හිමිවරු, විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ හෝ පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේලාගේ අනුමැතිය සහිතව අයැදුම් පත‍්‍රයක්, නිෂ්පාදක, රංගිරි - ශ‍්‍රී ලංකා ගුවන් විදුලිය, දඹුල්ල යන ලිපිනයට යොමු කළ යුතු බව මල්කඩුවාවේ ධම්මකුසල හිමියෝ පවසති.

වැඩි විස්තර 066 - 2283604 හෝ 037 - 2220364 යන දුරකථන අංක මගින් ද විමසිය හැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.