Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රුවන්වැලි සෑ රදුන් අබියස ඖෂධ පූජාව 22 දා

ශ‍්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්මයුක්තික නිකායේ සංවිධායකත්වයෙන් එම නිකායේ ආදි කතෘවරයන් වහන්සේලාට, රට වෙනුවෙන් දිවි පිදූ ති‍්‍රවිධ හමුදාවේ හා පොලිසියේ රණවිරුවන්ට, සුනාමියෙන් ජීවිත අහිමිවූවන්ට නිවන් සුව පැතීම හා ජනාධිපතිතුමාට, රටට, ජනතාවට හා කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටින රණවිරුවන්ට ආරක්ෂා සම්පත්තිය හා දිගාසිරි සම්පත් පතා මෙම 22 සෙනසුරාදා රාති‍්‍ර අනුරපුර රුවන්වැලි සෑ බිමේ දී මහා ඖෂධ පූජාවක් හා දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනයක් පැවැත් වේ.

සැප්. 23 දා අලුයම ජය ශ‍්‍රී මහා බෝධිරාජයාණන් උදෙසා පිදෙන මහා ක්ෂීරපායාස බුද්ධ පූජාවක් ද වේ. තමන් කැමති ඕනෑම ඖෂධ වර්ගයක් රැගෙන 22 දා සවස 6.00 ට පෙර රුවන්වැලි සෑ බිමට පැමිණෙන ලෙස එහි ප‍්‍රධාන සංවිධායක පෑලියගොඩ ගංගාරාම මහා විහාරාධිපති ආචාර්ය වල්පොල විමලඤාණ හිමියෝ සියලු දෙනාටම ඇරයුම් කරති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.