UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු පුවත් (ඡායාරූප)
 

මෙරට සංචාරයක නිරතව සිටි චීනයේ ෂියි චෙන්ග් මහ නාහිමියන් ප‍්‍රමුඛ බෞද්ධ දූත පිරිස ඉකුත්දා (28) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසිණි. එහිදී මහ නාහිමියන් විසින් ජනාධිපතිතුමන් වෙත බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් පිළිගැන්වූ අයුරු. සේයාරුව :- සුදත් සිල්වා

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට මියන්මාර් රාජ්‍යයෙන් පිරිනැමුණු අලි පැටවුන් දෙදෙනා නිල වශයෙන් බාරදීම ඉකුත් දා (28) මහනුවර මගුල් මඩුවේදී සිදු කැරිණි. එහිදී මියන්මාර් වැඩ බලන අග‍්‍රාමාත්‍ය ලුතිනන් ජනරාල් තෙසින් ෂෙයින් මහතා විසින් ශ්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා වෙත අලි පැටවුන් බාරදෙන ලදී. දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාද එම අවස්ථාවට එක්වූහ. අග‍්‍රාමාත්‍ය තුමා එම අලි පැටවුන් දෙදෙනා සමඟ ඡායාරූපයට මුහුණ දුන් අයුරු. සේයාරුව :- ගාමිණී රණසිංහ තිවංක අබේරත්න



ශ්‍රී ලංකාවේ ප‍්‍රථම සිල්මාතා අභ්‍යාස ආයතනය මාතර මූලටියන නෙරලම්පිටිය ගම්මානයේ ඉකුත්දා ආරම්භ කැරිණි. එම නිවස හා ඉඩම හිටපු දානපතියෙකු වූ පියදාස රත්නායක මහතා සහ එම මහත්මියට පින්පතා රත්නායක පවුලේ දරු පිරිස විසින් පිරිනමා ඇත. එම පියදාස රත්නායක අනුස්මරණ සිල්මාතා අභ්‍යාස ආයතනය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී සමස්ත ලංකා සිල්මාතා ජාතික සංගමයේ සභාපතිනි පොළොන්නරුවේ ධම්මානන්දා සිල්මෑණියන් සභාව ඇමතූ අයුරු. එම අවස්ථාවට සහභාගි වූ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති වැලිමිටියාවේ කුසලධම්ම නාහිමියෝද, පල්ලත්තර සුමනජෝති නාහිමියෝද, දිවියාගහ යසස්සි නාහිමියෝද සේයාරුවේ වෙති. ඊට සහභාගි වූ සිල් මාතාවන්ගෙන් පිරිසක්ද මෙහි වෙති.
ඡායාරූප - එච්. ඩී. සුරේන්ද්‍ර

 

නිකිණි
අමාවක පෝය


සැප්තැම්බර් 10 වනදා සඳුදා අපර භාග 05.04 ට ලබයි.
11 වනදා අඳහරුවාදා අපර භාග 06.18 දක්වා
පෝය පවතී.
සිල් සමාදන් වීම 10 වනදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
19 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර්10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]