UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා අගැයීමේ වැඩ සටහනේ ප‍්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා අගැයීම 16 දා

සමස්ත ලංකා ශාසාරක්‍ෂක මණ්ඩලයේ තීරණය මත බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේනතුව මඟින් බු. ව. 2551 වසරේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා අගැයීම් වැඩ සටහන අදියර තුනකින් පැවැත් වේ.

එහි පළමු අදියර වන ප‍්‍රාදේශීය සිසු නිපුණතා අගැයීම් වැඩසටහන ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අනුග‍්‍රහයෙන් මෙරට ප‍්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල 267 ක් තුළ මෙම මස 16 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දහම් පාසල් සිසු දරුවන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව පෝෂණය කිරීම හා ලේඛකත්වය, කවිත්වය, කථිකත්වය හා දහම් දැනුම වර්ධනය කර ලීමේ අරමුණින් සමස්ත ලංකා සිසු නිපුණතා අගැයීම් වැඩසටහන පැවැත් වේ. ප‍්‍රාදේශීය, දිස්ති‍්‍රක්ක, සමස්ත ලංකා වශයෙන් එය අදියර තුන කින් පැවැත්වෙන අතර එම සියලුම සිසු නිපුණතා අගැයීම් ඉසව් 39 යටතේ පැවැත් වේ.

ප‍්‍රායෝගික දැනුම නිපුණතා අගැයීම (1, 2 ශ්‍රේණිය) පද්‍ය හා ගාථා ගායනා නිපුණතා අගැයීම ( 1, 2, 3, 4, 5, 6 ශ්‍රේණිය) දහම් දැනුම පිළිබඳ නිපුණතා අගැයීම (3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 ශ්‍රේණිය) ගද්‍ය රචනා නිපුණතා අගැයීම (7, 8, 9, 10, 11, 12 ශ්‍රේණිය) කථිකත්වය පිළිබඳ නිපුණතා අගැයීම (7, 8, 9, 10, 11, 12 ශ්‍රේණිය) චිත‍්‍ර නිපුණතා අගැයීම (ප‍්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ) පාලි ගද්‍ය ගායනා නිපුණතා අගැයීම (7, 8, 9, 10, 11, 12 ශ්‍රේණිය) වේ.

ප‍්‍රාදේශීය සිසු නිපුණතා සඳහා ඉදිරිපත් වන සිසුන්ගේ ප‍්‍රවේශ පත‍්‍ර දෙපාර්තමේන්තුව මඟින් ලේඛකාධිකාරී හිමිවරුන් වෙත මේ වන විටත් බාර දී ඇත.

නිකිණි
අමාවක පෝය


සැප්තැම්බර් 10 වනදා සඳුදා අපර භාග 05.04 ට ලබයි.
11 වනදා අඳහරුවාදා අපර භාග 06.18 දක්වා
පෝය පවතී.
සිල් සමාදන් වීම 10 වනදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
19 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර්10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]