Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහ පෙරහර මංගලෝත්සවය

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවය කෝට්ටේ රජමහා විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සැප්තැම්බර් 3 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වේ. ඒ අනුව මෙම 3 වැනිදා සර්ව රාති‍්‍රක මහ පිරිත සහ 4 වැනිදා උදේ මහා සංඝගත දක්‍ෂිණාව පැවැත්වේ. එම පෙරහර සඳහා 5 වැනිදා රාතී‍්‍ර කප් සිටුවීමෙන් අනතුරුව 6 සහ 7 දිනවල තේවාවද 8 වැනිදා කුඹල් පෙරහරද 9, 10, 11 තෙදින තුළ මල් පෙරහරද 12 වැනිදා පාවාඩ පෙරහරද 13 වැනිදා වීථි පෙරහරද 14 වැනිදා රන්දෝලි පෙරහරද 15 වැනිදා ශ්‍රී දළදා මහ පෙරහරද 16 වැනිදා උදේ දියකැපීමේ පෙරහර සහ දවල් දේවදානය පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.