UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පාසල පස් වන ප‍්‍රගති වසර සමරයි

“චරථ භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” යන බුදු වදන කේන්ද්‍ර කොට ගෙන මෙරට පමණක් නොව මුළු ලෝවැසි ජනයාගේ පහන් සංවේගය ඇති කරමින් දහම් පිපාසිතයන් හට බුදු අමා දහම පානය කරවමින් ජනයාගේ සුඛවිහරණය වෙනුවෙන්ම ඇප කැප වී කි‍්‍රයා කරන ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණෝ මහ ජනයාගේ හිමි නමක් වෙති.ආචාර්ය ඕමල්පේ සෝභිත මාහිමියන් ලෝකයාට සිදු කරන සේවාව අපරිමිත ය. දැඩි කැපවීමත් උට්ඨාන වීර්යයත් උන්වහන්සේගේ සුචරිතවත් චරිතයෙහි ශක්තියයි. මීට වසර 05 කට ප‍්‍රථම උන්වහන්සේ විශාල අභියෝගයකට මුහුණ දුන්හ. මිෂනාරි කි‍්‍රස්තියානි ආක‍්‍රමණිකයින්ගේ සංක‍්‍රමණයෙන් ඇඹිලිපිටිය නගරයෙහි පොදු ජනයාගේ ධනය සූරා කෑම පදනම් කරගෙන ජාත්‍යන්තර පාසල් ආරම්භකරන්නට කටයුතු සංවිධානය වීමයි. ජාත්‍යන්තර පාසලක් ආරම්භ කරමින් ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වූයේ අසරණ බොදු ජනතාව බිලි බා ගැනීමයි. කවදත් මිෂනාරී කි‍්‍රස්තියානි පල්ලියෙන් බොදු ජනයාට කරන හිරිහැර පීඩා ආක‍්‍රමණයන්හි දී අපේ පණ්ඩිත හාමුදුරුවෝ දිවි හිමියෙන් ඊට එරෙහිව කටයුතු කරති. ඒ කාල වකවානුවේද ප‍්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා 100 ක් නමකට අධිකව ගම්වැසියන්ගේ ද සහයෝගයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත මාහිමියන්ගේ අභීත මාර්ගෝපදේශකත්වයෙන් මිෂනාරි කි‍්‍රස්තියානි අන්‍ය ආගමිකයන් ජාත්‍යන්තර පාසලත් සමඟ ඇඹිලිපිටියෙන් පළවා හැරීමට උන්වහන්සේ සමත් වූහ.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇඹිලිපිටියේ බොදු ජනතාව ප‍්‍රකාශ කළේ හාමුදුරුවනේ ජාත්‍යන්තර පාසලක අවශ්‍යතාවය ඇඹිලිපිටියට දැඩිව බලපාන බවයි. ඇඹිලිපිටියේ ජාත්‍යන්තර පාසල ඉදිකිරීමේ සංකල්පය එදිනට උන්වහන්සේගේ මනසෙහි තැන්පත් කර ගති. ඕමල්පේ සෝභිත මාහිමියන්ගේ දැඩි උත්සාහයේත් කැපවීමේත් ශක්තියේත් ප‍්‍රතිඵලයක් ලෙස 2546/2002 අගෝස්තු 26 වන දින ඇඹිලිපිටියේ ජාත්‍යන්තර පාසලක් නිර්මාණය විය. එය ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පාසලයි.

මෙතරම් කෙටි කාලයක් තුළ මෙම ජාත්‍යන්තර පාසල ලබා ඇති ප‍්‍රගතිය සැමගේ ප‍්‍රශංසාවට ලක්වී ඇත. කෘතහස්ත විදුහල්පතිවරයෙකු හා මනා හැකියාවලින් හෙබි 28 දෙනෙකුගෙන් පමණ සමන්විත ආචාර්ය සේවය ලබා ගන්නා මෙම ජාත්‍යන්තර පාසලෙහි සිසු සිසුවියේ 350 ක් පමණ අධ්‍යාපනය හදාරති. බොහෝ අභියෝගයන් ජයග‍්‍රහණය කරමින් ප‍්‍රශ්න හා ගැටලු මධ්‍යයේ ඇඹිලිපිටියේ ජාත්‍යන්තර පාසල නිර්මාණය කර වසර 5 ක් පිරීම නිමිති කොට ගෙන සිය පස්වැනි වසර ප‍්‍රගති පියවර සැමරීම 2551 ක් වූ ව්‍යවහාර වර්ෂ 2007 සැප්තැම්බර් මස 01 වැනි දින අති උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරේ. එදිනම තෙමහල් විද්‍යාලයීය ගොඩනැඟිල්ල මෙන්ම දෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත කිරීම ද සිදු වේ. මීට දශක 03 කට පමණ පෙර අලි කොටි වග වලසුන්ගේ රජ දහනක් වූ මෙම ඇඹිලිපිටිය ප‍්‍රදේශය අද වන විට ලබා ගෙන ඇති දියුණුවේ අග‍්‍ර ඵලය වශයෙන් මෙම ජාත්‍යන්තර පාසල හැඳින්විය හැකි අතර එහි අනාගත දියුණුව ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සංවර්ධනයේ නියමුවා වනු නොඅනුමානය.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]