UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

රත්මලාන, දුම්රියපළ පාර අංක 27 ඩබ්ලිව්. ඩබ්ලිව්. පී. ධීරසේකර මහත්මිය එක් දරු මවකි. ඇය වකුගඩු ආබාධයකට ලක්ව 2001 වසරේ දී ද වකුගඩු බද්ධ කිරීමක් සිදු කර ඇතැයි ද එය අකී‍්‍රය වී ඇති හෙයින් නැවත වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය මහාචාර්ය රිස්වි ෂෙරීෆ් මහතා නිර්දේශ කර ඇතැයි ද කියති.

2001 දී සිදු කළ වකුගඩු සැත්කම සඳහා විශාල මුදලක් වැය කළ අතර, මෙම සැත්කම් සඳහා ද විශාල මුදලක් වැය කළ යුතු බැවින් ඊට ශක්තියක් නොමැති බව ද දැනට ද දින 4 කට වරක් ලේ පිරිසුදු කිරීම සඳහා ද මුදලක් අවශ්‍ය ව ඇතැයි ද කියති. වකුගඩු සැත්කම සඳහා ජනාධිපති අරමුදලින් ලක්ෂ 2 1/2 ක මුදලක් අනුමත වී ඇතැයි ද දන්වයි. අසරණ ඇයට පරිත්‍යාගශීලීන් ගේ සහාය අපේක්ෂා කරන අතර මහජන බැංකුව, ගල්කිස්ස ශාඛාවේ 336 - 2 - 003 - 13749980 ගිණුම මගින් ඊට උපකාර කළ හැකි බවත් 078 5341790, 0114956437 දුරකථන මගින් විස්තර දැනගත හැකි බව කියයි.

*******

අම්බලන්තොට, ඕලුවිල පදිංචි, ත‍්‍රීවිලර් රියදුරෙක් වශයෙන් කටයුතු කළ ජේ. ධර්මදාස (35) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බවත්, ඔහුට සුවය ලබා ගැනීමට බී පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් කොළඹ ජාතික මහ රෝහලේ වෛද්‍ය සරත් ගාමිණී සිල්වා මහතා නිර්දේශ කර ඇත.

ස්ථිර රැකියාවක් නැති එක්දරු පියෙක් වන ධර්මදාස මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා බී. පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් සිටී නම් හැකි ඉක්මණින් දන්වන ලෙසත්, එතෙක් හෙතෙම ජීවත් කර ගැනීමට විශාල මුදලක් වැයවන නිසා ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාරයක් වෙතොත් ධර්මදාස මහතාගේ බිරිඳ වන ඩබ්ලිව්. ජේ. රසිකා නිලන්ති මහත්මිය කොමර්ෂල් බැංකුවේ අම්බලන්තොට ශාඛාවේ 863004740 දරන ගිණුම් අංකයට බැර කරන ලෙස ඉල්ලීමක් කැරේ.

*******

කැලණිය, දළුගම, මුදියන්සේගේවත්ත පාර, අංක 205 නිවසේ පදිංචි ටෙක්ලා මුහන්දිරම්ගේ මහත්මිය වකුගඩු ආබාධයෙන් පෙළෙන බැවින් ඇයට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. අංක 011 - 2792166 (8.30 සිට 5.30 දක්වා), 011 - 2915087, 077 - 5352167 එම අංක වේ.

*******

ඌරගස්මන්හන්දිය පදිංචි එම්. චිත‍්‍රා මල්ලිකා මහත්මිය 40 හැවිරිදි එක් දරු මවක් වන අතර, ඇය පිලිකා රෝගයෙන් පීඩා විඳින බව කියන්නීය. එම රෝගයට ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය එන්නත් වෙනුවෙන් විශාල මුදලක් අවශ්‍ය වී ඇතැයි ද, එම මුදල් සොයා ගැනීම දුෂ්කර බව ද කියන ඇය, ගිණුම් අංක - 19720760 53607 මහජන බැංකුව, ඌරගස්මන්හන්දිය වෙත පරිත්‍යාගශීලීන්ගේ ආධාර යොමු කළ හැකි බව කියයි. 0777 219641 දුරකථන අංකය වේ.

*******

අංක 466/5, මහින්ද මාවත, පිටිපන උතුර, හෝමාගම යන ලිපිනයේ පදිංචි අරුණ සිසිර කුමාර කුඩමාදුව (වයස අවු. 27 යි) තරුණ මහතා වකුගඩු රෝගයකින් පෙළෙන හෙයින් ඔහුට හැකි ඉක්මනින් (ඒ බී. පොසිටිව්) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත.

විවාහක අයකු වන අරුණ මහතාගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙතොත් දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. එම සැත්කම සහ ඔහුට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට ආර්ථික අපහසුකම් වලින් පෙළෙන හෙයින් පරිත්‍යාගශීලීන් වෙතොත් මහජන බැංකුවේ හෝමාගම ශාඛාවේ විවෘත කර ඇති අංක 049 - 2 - 001 - 1 - 8117019 දරන ගිණුමට මුදල් ආධාර බැර කරන මෙන් ඔහුගේ මව සහ බිරිඳ ඉල්ලා සිටී.

රෝගියා මේ වන විට කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 50 තුළ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව ද කියයි.

* දීප්ති - (රෝගියාගේ සොහොයුරා) 0714 - 306905 * සිසිර - 0785 - 444695 දුරකථන අංක වේ.

*******

මහනුවර නුගවෙල පදිංචි 49 වියති. එච්.පී. ආනන්ද ජයසූරිය මහතාගේ වකුගඩු දෙකම අකී‍්‍රය වී ඇති අතර, ඒ මහතාගේ ජීවිතය බේරාගැනීමට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බව මහනුවර මහරෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්.එම්. වසිල් මහතා නිර්දේශ කර ඇත.

සිව් හැවිරිදි දියණියකගේ පියකු වන ඒ මහතාට එම පරිත්‍යාගය කිරීමට කැමැති අයෙකුට මුදලින් ආධාරයක් කිරීමට පවුලේ අය අපේක්‍ෂා කරන අතර, අංක 25/9 ඒ, මල්වත්ත පාර, දකුණු හෝකන්දර ලිපිනයට හෝ 0112 561078, 0777 – 033706 යන දුරකථන අංක වලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]