Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහර ගමන් මඟ

ඉකුත් 13 වනදා ඇසළ කප් සිටුවා 19 වනදා සිට කුඹල් පෙරහර පැවැත්විණි.

රන්දෝලි පෙරහර

2007 අගොස්තු මස 24 වෙනි කිවි දින රාතී‍්‍ර 7 පසු වී විනාඩි 30 ට නැගෙනහිර දිශාභිමුඛව සිව්දෙවාලයන්හි රන්දෝලි බහා එදින සවස 8 පසුවී විනාඩි 05 ට සිරිත් පරිදි නැගෙනහිර දිශාභිමුඛව රන්දෝලි පෙරහර පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ පසුව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සමඟ දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය(ති‍්‍රකුණාමල වීදිය) ඔස්සේ පැමිණ රජවීදියට හැරී ඉහළටවිත් ගෙවදීම.

අගොස්තු මස 25 වන ශනි දින රාතී‍්‍ර 7 පසුවී විනාඩි 30 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්විදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) වීදිය ඔස්සේ පැමිණ රජවීදියට හැරී ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 26 වන ඉරු දින රාතී‍්‍ර 7 පසුවී විනාඩි 10 ට නැගෙනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ පැමිණ රජවීදියට හැරී ඉහළටවිත් ගෙවදීම.

අගොස්තු මස 27 වන සඳු දින රාතී‍්‍ර 7 පසුවී විනාඩි 10 ට නැගෙනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), යටිනුවර වීදියෙන් හරස් වීදියට හැරී.ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ (ති‍්‍රකුණාමල වීදිය) රජවීදියට හැරී ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 28 වන කුජ දින රාතී‍්‍ර 7 පසුවී විනාඩි 32 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව වැව අද්දර දිගේ දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය (ති‍්‍රකුණාමල වීදිය), රජවීදියට හැරී ඉහළටවිත් ගෙවදීම.

දිය කැපුම් පෙරහර

2007 අගොස්තු මස 28 වන කුජ දින අලුයම 1 ට උතුරු දිශාභිමුඛව සිරිත්ප‍්‍රකාර ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව්දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), ඩී.එස්. සේනානායක වීදියෙන් (ති‍්‍රකුණාමල වීදිය), ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප‍්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව්දේවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීම ද

දවල් පෙරහර

2007 අගෝස්තු මස 29 වැනි බුද දින දවල් 1 පසුවී විනාඩි 45 ට දකුණ දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දේ වීදිය (හිල් වීදිය) ඔස්සේ, ඩී.එස්. සේනානායක වීදියේ (ති‍්‍රකුණාමල වීදියෙ), මංසන්ධියට පැමිණ එදින සවස 2 පසුවී විනාඩි 40 ට දකුණු දිශාභිමුඛව ආදාහන මළුව, ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දන්තධාතු මන්දිරයේ පෙරහර කැටුව, ඩී.එස්. සේනානායක වීදිය (ති‍්‍රකුණාමල වීදිය) දිගේ විත් පන්සල පාර, දේව වීදියෙන්, රජවීදියට හැරී මාලිගා චතුරශ‍්‍රයේ තෙවිටක් ප‍්‍රදක්ෂිණා කොට සවස 4 පසු වී විනාඩි 45 ට ගෙවදීම ශුභ වේ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනය කරයි.

වේලාවන් සහ මාර්ග වෙනස් කිරීමේ බලය ශ්‍රී දළදා මන්දිරයේ දියවඩන නිලමේ සතු ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.