Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු පුවත් කෙටියෙන්

කොළඹ දිසා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමූපකාර සමිතියෙන් බොදු වැඩ සටහනක්


සී/ස කොළඹ දිස්ති‍්‍රක්කයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමූපකාර සමිතියේ මෙහෙයවීමෙන් වැල්ලවත්ත බෝධිරුක්ඛාරාමයේදී නිකිණි පෝදා පස්වරු 3 ට පුණ්‍යෙීත්සවයක් පැවැත්වේ. එහිදී වස්කඩුවේ ධම්මිස්සර හිමියන්ගේ අනුශාසනයක් පැවැත්වෙන අතර “ බුදුදහමයි ආයුර්වේදයයි” දේශනය විශේෂඥ වෛද්‍ය ඩී. එච්. තෙන්නකෝන් මහතා විසින් පවත්වනු ලබන අතර දේශීය වෛද්‍ය උපදේශන සේවාවන්ද ඇතුළු කටයුතු රැසක් සිදු කිරීමට සමූපකාර සමිතියේ කළමනාකාර ලේකම් වෛද්‍ය, එස්. ඒ. පියසේන මහතා කටයුතු යොදා ඇත.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ දී තලල්ලේ මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් නිකිණි පුර පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත් වේ. එදින පෙරවරු 6 - 6.30 ශීල සමාදානය හා අනුශාසනාව ජයශේඛරාරාමාධිකාරී ශාස්ත‍්‍රපති රජවත්තේ වප්ප හිමි, 7 - 7.30 සම්බුද්ධ වන්දනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 8 - 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩ සටහන, 8 - 10 දහම් දෙසුම කොරොස්සේ මහින්ද නා හිමි, 10.15 - 11 දවල් සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, පස්වරු 12.30 - 1 පිරිත් සජ්ඣායනය, 2 - 3 භාවනාව තලල්ලේ මහින්ද නාහිමි, 3.15 - 4.15 දහම් දෙසුම, 4.15 - 5.15 ධර්ම සාකච්ඡාව සිරිසේන ලියනආරච්චි මහතා, 5.15 - 6.15 දහම් දෙසුම බෙලිදෙනියේ සිරිධම්ම නාහිමි, 7 – 7.30 දෙහිපේ වනරත හිමි මෙහෙයවන සම්බුද්ධ පූජාව, 8- 9 දහම් දෙසුම.


දඹර අමිල හිමියන්ගේ දහම් දෙසුමක් පෝදා

අලුබෝමුල්ලේ ශ්‍රී මෙත්තාරාමයේදී පුවක්පිටියේ මෙත්තානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සීල සමාදාන පින්කමක් පෝදා දවස පුරා පැවැත්වේ. එදින සවස ඊට කපුගම්පොත රාහුල හිමියන්ගේ මෙහෙයවීමෙන් අට විසි ගිලන්පස බුද්ධ පූජාවක්ද රාති‍්‍ර 7 සිට 8 දක්වා හොරණ කුඩා උඩුවේ නාලන්දාරාම විශ්වවිද්‍යාල පිරිවෙනේ විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දඹර අමිල නාහිමියන්ගේ දහම් දෙසුමක්ද පැවැත්වේ.
 


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී නිකිණි පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කැරේ.

එදින පෙරවරු 6 – 7 සීල සමාදානය මෙහෙයවීම මහරගම මහින්ද හිමි, 8 – 9 දහම් දෙසුම සූරියගොඩ සිරිධම්ම හිමි, 10 – 11 ආරාධිත දේශනය මහාචාර්ය ආරියපාල පෙරේරා මහතා 11.30 බුද්ධ පූජාව පස්වරු 12 – 1 පිරිත් සජ්ඣායනය 1 – 2.30 භාවනා දේශනය ගාමිණී පි‍්‍රයන්ත මහතා, 3 – 4 දහම් දෙසුම මඩපාත ධම්මසාර හිමි, 4 – 5 දහම් දෙසුම රත්මලානේ සුනීත නා හිමි, 5.30 බුද්ධ වන්දනාව.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.