Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ නිකිණි පෝදා විකාශය

බුදු සිරිපා පහසින් පිවිතුරු වූ ශ්‍රී ලංකාද්වීපයේ නිර්මල බුදු දහම ජාත්‍යන්තරයට ගෙන යෑමේ අදිටනින් ඇරැඹි ශ්‍රී ලංකාවේ ප‍්‍රථම බෞද්ධ රූපවාහිනී නාලිකාව වන “ද බුඩිස්” (බෞද්ධයා) රූපවාහිනී නාලිකාවේ නිකිණි පොහෝදා වැඩසටහන් කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සත් මහල් සම්බුදු මාලිගයේ සිට දවස පුරාම සජීව ලෙස විකාශය කෙරේ.එම වැඩසටහන දෙරණ රූපවාහිනිය මඟින් ද සජීවීව විකාශය කෙරෙනු ඇත. මහජන බැංකුවේ අනුග‍්‍රහයෙන් සිදු කෙරෙන පෝය සජීවී විකාශනයට සහභාගී වන මහා සංඝරත්නය හා වැඩසටහන් මෙසේ ය.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි.

කථිකාචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නා හිමි.

ශාස්ත‍්‍රපති දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ධර්ම දේශනාවක්

පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි.

කම්මට්ඨානාචාර්ය දාස්වත්තේ සුමනසීල නාහිමියන්ගේ විශේෂ භාවනා වැඩසටහන.

අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා හා මහාචාර්ය සුමනපාල ගම්මන්ගොඩ මහතා සහාභාගී වන ධර්ම සාකච්ඡාවක්.

දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාව අටවිසි බුද්ධපූජා හා බෝධි පූජා පින්කම.

මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීමේ අභයදානමය පින්කම හා කෘතිම පාද සහ රෝද පුටු පිරිනමන අසරණ සරණ බුද්ධපූජා පින්කම.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.