[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මොරටුව බෞද්ධ මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

උඳුවප් අව අටවක

ජනවාරි 03 බදාදා අ.භා. 07.48 අව අටවක ලබා 04 බ්‍රහස්පතින්දා අ.භා. 10.03 ගෙවේ. 04 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

ගිරිමානන්ද සූත්‍ර භාවිතයේ ප්‍රයෝජන

සියලු සැපතින් සපිරුණු සැවැත්නුවර දෙව්රම්වෙහෙර තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයෙක ආයුෂ්මත් ගිරිමානන්ද හිමියන්ගේ රෝගාබාධයකට පිළියම් වශයෙන් ගිරිමානන්ද සූත්‍රය දේශනකොට වදාළ සේක. ගිරිමානන්ද හිමියන් හමුවීමට වැඩිය ආනන්ද හිමියන් එම රෝගාබාධය දැනගෙන බුදුරදුන් හමුවට ගොස් දැන්වූයෙන් එම රෝගයට පිළියමක් වශයෙන් දේශිත මෙම උතුම් සූත්‍ර ධර්ම දේශනාව කෙනකුගේ මානසික පරිවර්තනය මූලාධාර කරගෙන ශාරීරික වද වේදනා සමනය කර ගැනීමේ මනෝවිද්‍යාත්මක උපාය මාර්ගයක් වේ. සංජානාතීති සඤ්ඤා, යමක හැඩය හා වර්ණය හඳුනා ගැනීමේ මානසික ස්වරූපය සඤ්ඤාව නමින් හඳුන්වන නමුත් යථාර්ථ වශයෙන් එබඳු දෙයක් ලොව නොමැත. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගේ සංකලනයෙන් ක්‍රියාත්මක වන ස්වභාවයන් හතර ඒකකය වශයෙන් පවතින විට කාලය, දේශය, ස්ථානය, අනුව විවිධ ස්වරූප හා වර්ණ ඇතිවේ. එහෙත් එය මූලාධාතු වශයෙන් හඳුනා ගැනීමට තරම් ක්ෂණික බුද්ධියක් නැති නිසා පරිවර්තනශීලි වන විට දැඩි සේ අල්ලාගත් පුද්ගලයාට වේදනාවක් ඇතිවේ. මනස සමඟ සම්බන්ධ වීමේ කාලය අනුව වේදනාවේ ස්වභාවය අඩු වැඩි වේ. 1. අනිච්ච සඤ්ඤා 2. අනත්ත සඤ්ඤා 3. අසුභ සඤ්ඤා 4. ආදීනව සඤ්ඤා 5. පහාන සඤ්ඤා 6. විරාග සඤ්ඤා 7. නිරෝධ සඤ්ඤා 8. සබ්බලෝකේ අනභිරත සඤ්ඤා 9. සබ්බ සංඛාරේසු අනිච්ච සඤ්ඤා 10. ආනාපානසති

සාමූහික සිතිවිලි සමාජයක ස්ථාවරය ගොඩනඟයි

බුදු දහමෙහි ඉගැන්වෙන සුවිශේෂී ධර්ම සතරකි සතර සංග්‍රහ වස්තුව. දහමෙහි ඒවා පෙන්වන්නේ දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව ය යනුවෙනි. මේ ධර්මතා සතර ධර්මානුකූල ව රටක් පාලනය කරන රජකුට, එසේම යම් ආයතනයක් මෙහෙයවන ප්‍රධානියකුට පමණක් නොව ගම් ප්‍රධානියෙක් හට, නිවසක මූලිකයකුට ස්වකීය පාලනය නිසි ලෙස මෙහෙයවා ගැනීමට අතිශයින් වැදගත් ය. ඕනෑම සමාජයක් සැකසෙන්නේ ඒ ඒ පුද්ගලයන් සාමූහික ව එක්වෙන විට ය. මේ සංග්‍රහ වස්තූන් වෙන් වෙන් වශයෙන් අධ්‍යයනය කරන විට ඒවා මුළු මහත් සමාජ තලයේම ප්‍රගතියට හේතුවන බව මැනවින් පැහැදිලි වේ. සංග්‍රහ වස්තු අතර මුලින්ම දක්වන්නේ දානයයි. එතැනින් අදහස් කරන්නේ තමන්ට අයිති දෙයක් තවත් කෙනකුට ප්‍රදානය කිරීමයි. එය පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් කළ හැකි ය. ලොව පවතින උතුම් ක්‍රියාව ද, දුෂ්කරම ක්‍රියාව ද දානය යැයි කිවහොත් එය ඉතා නිවැරැදි ය. සම්මා සම්බෝධිය පතා පාරමී දම් සපුරන බෝසත් උතුමෙක් ඒ සඳහා මුලින් ම තෝරා ගන්නේ දානයයි. ඒ ඇයි? දානය තුළින් ලෝභය දුරින් ම දුරු වී ගිය කල සත්‍යාවබෝධය ලැබෙන බැවිනි. ඒ වාගේම රටක් පාලනය කරන රජෙකුට සම්මත කළ රාජධර්ම දහයක් ඇත. ඒවා දස රාජ ධර්මයි. මේ දසරාජ ධර්ම අතර ද දානය මුල්තැනට ගෙන ඇත. සෑම බෞද්ධයෙක් ම අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති දහයක් ධර්මයේ ඉගැන්වේ.

ගෙවෙන හැම මොහොතකම ජීවිතයට වටිනාකමක් දෙන්න

කුසල් කළ තැනැත්තා මෙලොව සතුටු වේ. පරලොව ද සතුටු වේ. දෙලොවෙහි ම සතුටු වේ. තමා ගේ පිරිසුදු වූ කුසල් දැක සතුටු වේ. වෙසෙසින් ම සතුටු වේ. ඉතා දුර්ලභ ව ලැබූ මනුෂ්‍ය ජීවිතයක් අපි සියලු දෙනා ම ලබා ඇත්තෙමු. ඒ ලැබු මනුෂ්‍ය ජීවිතයේ ද උතුම් ම අවස්ථාව වන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය මුණගැසීමයි. ඒ වගේ ම දුර්ලභව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතයේ ද ආයු කාලය වේගයෙන් පිරිහෙමින් පවතී. සම්මතයට අවුරුදු සියයක් කියා පැවසුව ද, එම ආයු කාලය ද අප සියලු දෙනාට ම එක හා සමාන නොවේ. ඒ ඒ මනුෂ්‍යයාගේ කර්ම ශක්තිය අනුව ඕනෑම මොහොතක් ජීවිතයේ අවසන් මොහොත විය හැකි ය. මනුෂ්‍ය ජීවිතයක උපත සහ මරණය අතර කාලය ගෙවී යන්නේ බොහෝ දුක්ඛ දෝමනස්සයන් සමඟිනි. එයට හේතුව ලෙසින් බුදු දහමේ පෙන්වා දෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, උපායාස, පරිලාහ මෙන් ම අපි‍්‍රයයන් හා එකතු වන්නට සිදුවීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දෑ ඉටුනොවීම ආදී වශයෙනි. කෙටියෙන් පැහැදිලි කරන්නේ නම්, ආශ්වාසයේ ප්‍රශ්වාසයේ සිට ගතවෙන සෑම තත්පරයක් පාසාම එනම් සෑම ක්ෂණයක් පාසාම මේ ජීවිත කාලය ගෙවෙමින් අවසන් වෙමින් මරණයට සමීප වීම ලෙසයි. මේ ආකාරයෙන් ගතවෙන මනුෂ්‍ය ජීවිතය තුළ දහම් ඇස පාදාගෙන සසර දුකින් මිදීම සඳහා සතර සම්‍යක් ප්‍රධන් වීර්යය පවත්වා ගත යුතු බවට නිතර මෙනෙහි කරන්න.

සතුට සැනසුම යුතුකම් ඉටුවන තරමට ය

දස මසක් කුසෙහි දරා, අපමණ දුක් විඳ, ගතෙහි ශක්තිය කැටිකොට කිරි කර පොවා හදා වඩා, කවා පොවා පෝෂණය කර අප ව රැක බලා එන්නේ මව්තුමියයි. තම කුසෙහි පිළිසිඳ නොගත්ත ද, ලේ කිරි බවට පත් නොවුණ ද සිය ශරීරය ද ඒ තරමට ම වෙහෙසා, අපමණ දහදිය මහන්සියෙන් මව සේ ම අපගේ දුක සැප දෙකෙහි ම ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී, අප රැක බලා ගත්තේ පියතුමායි. මේ නිසා ම අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ “මාතා පිතු ගුණ අනන්නා” ලෙසින් මව්පියන්ගේ ගුණ අනන්ත බව දේශනා කළ සේක. මව්පියෝ දරුවනට බොහෝ උපකාර ඇත්තෝ ය. දරුවන්ගේ ජීවිත රකින්නෝ ය. පෝෂණය කරන්නෝ ය. යනුවෙන් වදාළ සේක. ඒ වගේ ම මව්පියෝ තම සිත, ගත ගැන නොසලකා තම දරුවන් සනසන්නෝ ය. තම කුස ගැන නොසිතා දරුවන්ගේ කුස පුරවන්නෝ ය. තමා කිසිදා නොලද සැප තම දරුවනට ලබා දීමට උත්සාහ ගන්නෝ ය. එලෙසම ගතින් සිතින් දිවා - රෑ දෙකෙහි ම සෙවණැල්ලක් මෙන් අත නොහැර තම දරුවන් සමීපයෙහි ම සිටින්නෝ ය. දරුවන්ගේ අඩු ලුහුඬු බොහෝ දුටුව ද දරු සෙනෙහස ඒ සියලු දේට යටපත් වී යනු ඇත. මව්පියන් සිය දරුවනට දක්වන සෙනෙහස, ඇල්ම මහ සයුරේ දිය කඳ පරදා යන තරම් ය. අප මහ බෝසතාණෝ ද මව් - පිය උපස්ථානය උසස් ලෙස සැලකූහ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]